සත්ව ලෝකයේ තේජවන්තම සතා සිංහයා. එ් නිසා තමයි කැළැවේ රජකමත් ඔහුට නිකන්ම ලැබිලා තියෙන්නේ. වර්තමානයේ ඉන්න සිංහයන්ට නෑකම් කියන ගුහා සිංහයන් මීට අවුරුදු 20,000 කට විතර කලින් වඳ වෙලා ගියා. හැබැයි එ් ගුහා සිංහයන්ට අායෙත් සැරයක් පණ දෙන්න රැසියානු විද්‍යාඥයෝ පිරිසක් ලෑස්ති වෙනවා.
එ් පහුගිය දවසක සයිබීරියාවේ යකුටියා පළාතේදී හමුවුණ හිමායිත තත්වයට පත්වුන සිංහ පැටියෙකුගේ සිරුරක් මඟින්. ගොඩක් හොඳ තත්වයේ තියෙන මේ ගුහා සිංහ පැටියාගේ සිරුරෙන් ලබා ගන්න ජාන මඟින් ක්ලෝනකරනයට ලක් කරලා නැවතත් ගුහා සිංහයන්ට පණ දෙන්න තමයි විද්‍යාඥයෝ සැලසුම් කරන්නේ. ඔවුන් කියන විදිහට මීට අවුරුදු 50,000 – 20,000 ත් අතර කාලයේදී තමයි මේ සිංහ පැටියා මිය ගිහින් තියෙන්නේ. ඉතා ඉක්මනටම ගුහා සිංහයින් පොළව මත අැවිදිනවා බලා ගන්න පුළුවන් වෙයි කියලයි රුසියානු විද්‍යාඥයින් කියන්නේ. සත්තුන්ට අාදරය කරන පරිසරය අාරක්ෂා කරන හැමෝටම මේක හොද අාරංචියක් වේවි. කොහොම වුනත් අතීතයේ වඳ වුන සතුන්ට ආපහු පණ දෙනවාට වඩා, දැනට වඳවීමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න සත්තුන්ව අාරක්ෂා කරන්න මූලිකත්වය ගන්න ඕන කියලයි අපිට හිතෙන්නේ.