ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දිනේශ් චන්දිමාල්ට භාර දීලා තියෙන අතර ඉන්දියාව මෙහෙය වන්නේ විරාත් කෝලි. ඊඩ්න් ගාඩ්න් පිටියෙන් අාරම්භ වෙන මේ ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට ඉහළට එන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
මේ ටෙස්ට් තරඟාවලිය 0-0 හරි 1-1 විදියට හරි අවසන් කර ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ගණන 97 දක්වා ඉහළට යනවා. එ්හෙම වුනොත් වසර කිහිපයකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 100 අාසන්නයට පැමිණි පළවෙනි අවස්ථාව වෙනවා.
මෙවර තරඟාවලියේදී ඉන්දියාව 3-0 විදියට පරාජය කරන්න පුළුවන් වුනොත් ලංකාවට ප්‍රසාද ලකුණු 101 දක්වා ඉහළට යනවා. එහෙම වුනොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 4 වෙනි ස්ථානය දක්වා ඉහළට යන්න ශ්‍රී ලංකාවට පුළුවන් වෙනවා. 2-0 විදියට ජය ගත්තොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ගණන 100 දක්වා ඉහළ යනවා. 1-0 හෝ 2-1 විදියට තරඟාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වුනොත් ලංකාවට ප්‍රසාද ලකුණු 99 දක්වා ඉහළට යන්න පුළුවන්.