අද 2017නොවැම්බර් මාසයේ 16 බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව 01.23 සිට 02.52
සුභ දිශාව: උතුර

ඔබගේ ආත්ම ශක්තිය එඩිතරකම ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙන දවසක්. ඔබ වේගයෙන් ඉදිරියට යන කෙනෙක්. මිතුරන් අබිභවා ඉදිරියට යන්න පුළුවන්. හදිසි ධන ලාභ සතුරන් අබිභවා ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙනවා. අද දවස ඔබට ඉතා සුභයි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07

සෞඛ්‍ය පැත්ත ගැන ඔබ සිතන්නට වෙන දවසක්. ඔබගේ දරුවන්ගේ මව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය පිලිබදව විමසිලිමත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිලිබදවත් විමසිලිවත් විය යුතුයි. බෝවෙන රෝග වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබගේ නිවාස සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. කෘමි සතුන්ගෙන් ඔබට අද හානි විය හැකියි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 06

ලේඛන ශක්තිය දියුණු වෙනවා. අතරමග නවතා තැබූ වැඩ ආරම්භ කරන්න ඉතා කදිම දවසක්. නිවාස වැඩ කටයුතු අධ්‍යාපන වැඩ ගෘහ නිර්මාණ වැඩ කටයුතු ලේඛන කටයුතු කරන්න සුභ දවසක්. ඉඩමක් නිවසක් තනන්න අදහස් කරනවානම් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න හොද දවසක්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

වෙළදපොලට යන්න බඩු මුට්ටු මිලදී ගන්න සාප්පු සවාරි යන්න සුභ දවසක්. පොත්පත් මිලදී ගන්න දැනුම වර්ධනය කරගන්න හොද දිනයක්. නර්ථනය පිලිබදව යම් හැකියාවක් තියෙනවානම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න හොදයි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 04

ඔබගේ ජනප්‍රියත්වය පෞරුෂය වර්ධනය වෙන දවසක්. හඩ තීව්ර වෙන දවසක්. පාලනයට දක්ෂ අධීක්ෂණයට දක්ෂ අයයි. විනය විභාග නඩුහබ පරීක්ෂණ සම්බන්ධයෙන් කැපී පෙනීමේ භාග්‍යයක් ඔබට උදා වෙනවා. ඔබගේ කිතුගොස පැතිරෙන දවසක්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

සියලුම ප්‍රඥාව බුද්ධිය වර්ධනය වෙනවා. ඔබට අසමත් වෙච්ච විෂයන් සදහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න සුභයි. වෙළදපොලට යන්න පොත්පත් මිලදී ගන්න කදිමයි. ද්වේශයෙන් කෝපයෙන් නොකර සාමකාමී ලෙස අන් අය අමතා වැඩ කටයුතු කරන්න ඔබට මනා පෞරුෂයක් ඇතිකර ගැනීමට හැකි වෙනවා. කිසියම් සරල ව්‍යායාමයක් කර දවස ආරම්භ කරන්න. හදිසි ධන ලාභයක් හෝ ගෙදරට පැමිණෙන අමුත්තන් පිළිගන්න සිදු වෙනවා.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 02

ධන මාර්ග දෙගුණ වීමේ දවසක්. ව්‍යාපාරික ඥානය ප්‍රඥාව වැඩි වෙන දවසක්. සරල ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුභයි. පැරණි ගෘහ භාණ්ඩ පැරණි කෞතුක වස්තු හිමිකම් ලැබීමේ භාග්‍ය ඔබට උදා වෙනවා. දුර ගමන් කෙටි ගමන් වලදී කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසෙනවා. නොගිය තැන් නැරඹීමේ භාග්‍ය හිමි වෙනවා.
ජය වර්ණය: නිල් මිශ්‍ර දම් පැහැය ජය අංකය: 01

කෝපයෙන් ද්වේශයෙන් වෛරයෙන් තීරණ ගැනීම අසුභයි. පොත්පත් ලිපිලේඛණ කාර්යාල කටයුතු වලට සම්බන්ධයි. තමාගේ දරුවන් මුණුබුරන් බාල සහෝදර සහෝදරියන් ගැන අවධානය අනිවාර්යෙන්ම යොමු කල යුතුයි. ඔබට ඔබේ පරම්පරාවේ වීරයන් බවට පත් වෙන්න පුළුවන්. ආගම දහම හැදියාව ප්‍රගුණ කරගෙන දවස ගෙවන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 03

අනිවාර්යෙන්ම ඔබට අද ආදායම් තත්වය වර්ධනය වෙනවා. හදිසි ධන ලාභ ලැබෙනවා. ගෙයක් ඉඩමක් රථවාහනයක් උදෙසා ණය මුදලක් අයදුම් කරන්න කදිමයි. පිළිගත් ආයතනයක් මගින් එය අයදුම් කරන්න. ව්‍යාපාරයක් ආදායම් ලැබෙන මාර්ගයක් වෙනුවෙන් සැලසුම් සකස් කරන්න කදිම දිනයක්.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 02

හිතේ පැවතිච්ච කණගාටුවක් සතුරු පිඩාවක් අද ඉවත් වෙනවා. හිතේ පවතින යම් ඉලක්කයක් බලාපොරොත්තුවක් අද ඉටු වෙන දවසක්. විදේශගතව හෝ ඈත සිට පැමිණෙන අමුත්තෙක් හිතවතෙක් පිලිගන්නත් වෙනවා. ඔබට උසස් වීම් ලැබීම ආදායම වැඩි වීම ඉහල අයගේ කරුණාව ඔබ වෙත යොමු වෙන දවසක්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 01

විදේශගත වීම් විදේශගත අයගේ තෑගි ලැබීම විදේශ භාෂා හැදෑරීමට අද කදිම දවසක්. අන් අය අබිභවා කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ආර්ථික ප්‍රතිලාභ හිමි වෙනවා. ප්‍රඥාව තීක්ෂණ ඥානය උදා වෙනවා. ඔබගේ එඩිතරකම මතු වෙනවා.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 09

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය අසුභයි. රිය ධාවනයේදී කල්පනාකාරී විය යුතුයි. නොදන්නා අය සමඟ විහිලු තහළු කිරීම නොදන්නා ගමන් බිමන් යාම අසුභයි. නොදන්නා දේවල් දාන්න කෙනෙකුගෙන් අසා දැන ගන්න. කිසියම් ආගමානුකූල කටයුත්තකින් අද දවස අරඹන්න.
ජය වර්ණය: තද ගුරු පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829