News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

වර්ෂාව මැද්දේ සුරංග ලක්මාල් ඉන්දීය කඩුලු දඩයමේ. විරාත් කෝලිට අැපත් නෑ.

2251 Views


වර්ෂාව මැද්දේ සුරංග ලක්මාල් ඉන්දීය කඩුලු දඩයමේ. විරාත් කෝලිට අැපත් නෑ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේ අාරම්භක දවස වැස්සට හේදිලා ගියා. උදේ කාලය පුරාම ඊඩ්න් ගාඩ්න් පිටියට අැද හැලුන දාරානිපාත වැස්ස නිසා තරඟය පටන් ගත්තේ දිවා අාහාරයෙන් පස්සේ. එ්ත් වැස්ස නිසා කිහිප වතාවක්ම තරඟය නතර කරන්න සිද්ධ වුනා.

තරඟයේ කාසිය වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට අාරධනා කරා. චන්දිගේ තීරණය නිවැරදි එකක් කරන්න සුරංග ලක්මාල් සමත් වුණා. ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දීය මුල් පෙල පිතිකරුවන් අන්ත අසරණ වුනා. තරඟයේ යවපු පළවෙනි පන්දුවෙන්ම ලෝකේෂ් රාහුල් දවා ගන්න ලක්මාල් සමත්වුනා. 6 වෙනි ඕවරයේදී නැවත්ත ක්‍රියාත්මක වුන ලක්මාල් ශිකර් දවාන් දවා ගත්තා. විරාත් කෝලි ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්න සුරංග ලක්මාල් සමත් වුනා. පුජාරා පන්දු 43 කදී නොදැවි ලකුණු 8 ක් ලබා ගත්තා. කොහොම වුනත් වැස්ස නිසා අද දවසේ තරඟය අතහැර දමන්න සිද්ධ වුනා. පන්දු වාර 11 යි පන්දු 5 ක් විතරයි අද තරඟයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනේ.

සුරංග ලක්මාල් යවපු පන්දු වාර 6 ම නිලකුණු ඕවර වීම විශේෂත්වයක්. එ් වගේම ඉන්දියාවේ කඩුලු 3 ම දවා ගත්තේ ලක්මාල්. කොහොම වුනත් අද දවස නිමා වෙද්දී වර්ෂාව මැද්දේ වුනත් වැඩි වාසි ලබා ගන්න ලංකාවට පුළුවන් වුනා. හෙට තරඟයේ දෙවෙනි දවසේ. අද දවසේ දැක්වු දක්ෂතා හෙටත් පෙන්නන් ලංකාවේ පන්දු යවන්නන්ට සමත් වුනොත් ඵෙතිහාසික ජයක් ලංකාව ඉදිරියෙන් ලියා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post