ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. මුලින්ම ලකුණු හඹා යන ඉන්දීය කණ්ඩායම වැස්ස නිසා ඊයේ තරඟය නතර කරද්දී කඩුලු 3 ක් දැවී ලකුණු 17 ක් ලබා ගෙන හිටියා.
දසුන් ශානක කඩුලු 2 ක් දවා ගන්න සමත් වුනා. සුපිරි පන්දු යැවීමක නිරන වෙන සුරංග ලක්මාල් මේ දක්වා යවන ලද පන්දු වාර 11 ම නිලකුණු ඕවර් වීම විශේෂත්වයක්. ඒ වගේම ඔහු ලකුණු 5 ක් විතරයි ලබා දීලා තියෙන්නේ.
කොහොම වුනත් තාමත් තරඟයේ තීරණයක් ලබා ගන්න දෙපිලටම අවස්ථාව තියෙනවා. හැබැයි අදත් ඊයේ වගේම වැස්ස තරඟයට බාධා කරොත් ජය පරාජයෙන් තොරව තමයි තරඟය නිමා කරන්න වෙන්නේ. මේ දවස් දෙකේදී ලංකාව දක්වපු දක්ෂතා නිසා ඉන්දියාව ටිකක් හෙල්ලිලා ඉන්නේ. එ් නිසා අපි බලමු ලංකාව ඉදිරි දින කිහිපය කොහොම ක්‍රීඩා කරාවිද කියලා.