News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

මිනිස් මොළ කෞතුකාගාරයට යමු. – (සංවේදී ඡායාරුප බැලීමට නොහැකි අය කරණාකර මෙම ලිපිය කියවීමෙන් වලකින්න.)

2173 Views


මිනිස් මොළ කෞතුකාගාරයට යමු. – (සංවේදී ඡායාරුප බැලීමට නොහැකි අය කරණාකර මෙම ලිපිය කියවීමෙන් වලකින්න.)

ඔබේ ඇඟේ තියෙන වටිනම ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇහුවොත් ඔබ අනිවාර්යෙන්ම කියන්නේ හදවත කියලා. එත් ඔබ දන්නවද අපේ හදවත වැඩ කරන්නෙත් අපේ මොලේට ඕන විදිහට කියලා? මිනිසාගේ මොලේ තමයි පරිණාමයේ ඉහළ සිටින ජීවින්ගෙන් වැඩි වර්ධනයක්‌ දකින්න තියෙන ඉන්ද්‍රිය කියලා විශේෂඥයන්ගේ අදහස. 19 වන සියවසේ ඉඳන් මේ ගැන අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන 1907 වසරේදී ටී. ඒ. ස්‌පිට්‌ස්‌කා අධ්‍යනයේ යෙදීලා සම්භාවනීය පුද්ගලයන් 115 දෙනෙකුගේ මොළ පිළිබඳ තොරතුරු ගබඩා කරගෙන තියෙනවා.

වැඩිහිටි මිනිසෙකුගේ මොළයේ බර ග්‍රෑම් 1500 ක්‌ වන අතරෙ සම්භාවනීය පුද්ගලයන්ගේ මොළයේ බර එම ප්‍රමාණය ඉක්‌මවා ගිහින් තියෙනවා. චර්ගිජිනි නමැති රුසියානු ලේඛකයාගේ මොළයේ බර කි.ග්‍රැම් 2 ක්‌ පමණ වූ අතර ඇනටෝල් ප්‍රාන්ස්‌ නමැති ලේඛකයාගේ මොළයේ බර කිලෝ ග්‍රෑම් එකක්‌ පමණ වුණා. ජර්මන් ජාතික ඉමැනුවල් කාන්ට්‌ගේ මොළයේ බර ග්‍රෑම් 500 ක්‌.

පේරු රාජ්‍යයේ තියෙන මොළ පුස්‌තකාලයේදී ඔබට මිනිස්‌ ශරීර අවයවයන් තුක්‌දහසක්‌ පමණ දැක බලා ගන්න පුළුවන්. මෙම කෞතුකාගාරය වසර තුන්දහසක්‌ පමණ දිගු අතීතයකට හිමිකම් කියනවා. ලතින් ඇමරිකාවේ Santo Toribio de Mogrovejo රෝහලේ තියෙන මිනිස්‌ මොළ එකතුව මගින් පර්යේෂකයන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට පවා මිනිස්‌ මොළයේ අභ්‍යන්තර දර්ශන ඉතා පහසුවෙන් දැක බලා ගැනීමට අවස්‌ථාව සැලසී තිනාවා. අවුරුද්දක් තුළ මෙම මොළ නැරඹීමට එන පිරිස විසි දහසකට අධිකයි.

මේ ගැන අදහස්‌ ඉදිරිපත් කරන ස්‌නායු වෛද්‍ය, විද්‍යාඥ “ඩයනා රිවර්ස්‌” කියන්නේ මෙම එකතුව නිසා නරඹන්නන්ට නිරෝගී සහ රෝගී මොළ අතර වූ වෙනස ඉතා පැහැදිලිව අධ්‍යනය කළ හැකි අතරම වචනයෙන් සඳහන් කරනවාට වඩා පිරිමි සහ කාන්තා මොළය අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව ලැබී තියෙනවා. මිනිස්‌ මොළයක බර කි. ග්‍රෑම් 1.2 සිට 2.4 ක්‌ අතර වූ බරකින් යුක්‌ත අතර එය රැඳී තිබෙන්නේ පුද්ගලයාගේ උස , බර සහ ලිංගය අනුව. පිරිමින්ගේ මොළයට වඩා කාන්තාවන්ගේ මොළය පරිණාමයට ලක්‌වෙලා තියෙනවා .

ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌ නගරයේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය බර්ට්‌ ගි්‍රන් විල්ඩර් විසින් මොළ එකතුවක්‌ ආරම්භ කරන ලද අතර එහි මොළ හයසියයක පමණ එකතුවක්‌ දැනට පවත්වා ගෙන යනවා. එත් නඩත්තු කටයුතු වලට තියෙන දුෂ්කරතාවයන් නිසා දැනට ඔවුන්ගේ එකතුවේ පවතින මොළ සංඛ්‍යාව 70 යි. ඔවුන්ගේ එකතුවේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ ජගත් කීර්තිධර පුද්ගලයන්ගේ මොළ මෙම එකතුව සඳහා යොදා ගැනීමයි.

කාන්තා ඡන්ද බලය ලබා ගැනීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්‌ ලබා දුන් ” හෙලන් හැමිල්ටන්ගේ ” මොළය මෙම එකතුවට ඇතුළත්. 1871 වසරේදී මිනීමරු චෝදනාවන් නිසා එල්ලා මැරීමට තීන්දුව ලත් ” එඩ්වඩ් රුලොෆ” තමාගේ මොළය මෙම කෞතුකාගාරයට ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කලා. මේ කෞතුකාගාරයේ නිර්මාතෘ බර්ට්‌ ගි්‍රල්ගේ මොළයත් මෙම කෞතුකාගාරයේ යූරිස්‌ ශාලාවේ තැන්පත් කරලා තියෙනවා.

ඇමරිකා එක්‌සත් ජනපදයේ හාර්වේ කුෂන් නමැති සම්මානනීය වෛද්‍යවරයා විසින් පවත්වා ගෙන ගිය මොළ එකතුවේ මොළ හාරසියයක්‌ පමණ ප්‍රදර්ශනයට තබා තිබුණා. ඇමරිකා එක්‌සත් ජනපදයේ කනෙක්‌ටිට්‌ ප්‍රාන්තයේ නිව් හෙවන්හි යේල් විශ්ව විද්‍යාලයේ මෙම මොළ එකතුව සංරක්‌ෂණය කරලා තියෙනවා. වෛද්‍යවරයකු වගේම විශිෂ්ට කලාකරුවෙක්‌ වුන වෛද්‍ය හාර්වේ 1939 වසරේදී මියගියාට පස්සේ මේ මොළ එකතුව යේල් විශ්වවිද්‍යාලයට ලබා දුන්නා. එත් අද තියෙන කුටිය පටන් ගත්තේ 2010 වසරේදී. මෙම මොළ එකතුවේ ඇති තවත් විශේෂත්වයක්‌ වන්නේ කොපර්නිකස්‌ගේ වෛද්‍ය ග්‍රන්ථ සහ ඇරිස්‌ටෝටල් විසින් රචිත අත්පිටපතක්‌ ඇතුළත් වීමයි.


News Articles
Latest Videos
Most Popular Post