දැවී ගිය දිල්රුවන් පෙරේරා ආයිත් ඇවිත් Review එකක් ඉල්ලුවේ රංගනගේ කීමටද? පිටිය මැද ඇත්තටම සිදුවුන දේ මෙන්න.
2095 Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අන්තිම දවස තමයි අද. හැබැයි තරගයේ තීරණය නම් තාම කොට උඩ. ඊයේ හවස වෙද්දී ඉන්දියාව ආයිත් පරණ පුරුදු රිද්මය හොයාගෙන තිබුණා. ඉතින් අද හවස් වෙද්දී මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.
තත්වය එහෙම වෙද්දී ඊයේ ලංකාවේ බොහෝ දෙනා කතා කරේ වෙන මාතෘකාවක් ගැන. ඒ දිල්රුවන් පෙරේරාගේ Review එක. පිටියේ විනිසුරු දැවී ගිය ක්‍රීඩකයෙකු විදිහට නම් කරාට පස්සේ ක්‍රීඩාගාරය වෙතින් ආපු පණිවුඩයක් නිසා දිල්රුවන් පිටියේ විනිසුරුගෙන් Review එකක් ඉල්ලුවා කියලයි ගොඩක් අය කතා වුණේ. සාමාන්‍යයෙන් නීතියේ හැටියට අනෙක් අන්තයේ ඉන්න පිතිකරු එක්ක අදහස් හුවමාරු කරගනිමකට පස්සේ Review එකක් ඉල්ලන්න පුළුවන් වුණත් ක්‍රීඩාගාරයෙන් ලැබෙන උපදෙස් අනුව Review ඉල්ලීම තහනම්. ඉතින් දිල්රුවන් කරෙත් ක්‍රීඩාවෙ ජීව ගුණයට හානි වෙන දෙයක් කියලයි කාටත් පෙනුණේ. ඒත් ඇත්තටම සිද්ධ වුණෙත් ඒකද ?
ඊයේ රාත්‍රියේ මේ ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරා. ඒ අනුව ඇත්තටම ඒ වෙලාවේ සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්.
දිල්රුවන් පෙරේරාට Review එකක් ගන්න කියලා ක්‍රීඩක විවේකාගරයෙන් කිසිම පණිවිඩයක් දීල නැහැ. දිල්රුවන් හිතලා තියෙන්නේ ශ්‍රී ලංකාවට තිබුන Review ඉවරයි කියලා. ඉතින් විනිසුරු දැවී ගියා කියලා ඇගිල්ල ඉහලට ඉස්සුවට පස්සේ දිල්රුවන් ක්‍රීඩාගාරයට යන්න හැරෙනවා. ඒ අතර පිටියේ අනිත් පැත්තේ හිටපු රංගන විනිසුරුගෙන් අහලා තියෙනවා අපේ Review ඉවරද කියලා. තව Review අවස්ථාවක් තියෙනවා කියලා විනිසුරු කිවුව නිසා දිල්රුවන් ආයිත් හැරිලා Review එකක් ඉල්ලනවා.
ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙකු වගේම නිලධාරියෙකු ICC නීති උල්ලංඝනය කරලා නැහැ කියලත් ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කරපු නිවේදනයේ සඳහන්.