අතීතයේ ඉඳලම යුද්ධය සඳහා සතුන් යොදා ගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රධානම යුද්ධයක් වන එළාර දුටු ගැමුණු යුද්ධයේදීත් කඩොල් අැතා සටන් කරපු විදිය ගැන සදහන් වෙනවා. එ් වගේම වෙනත් රටවල ඉතිහාසයන්ගේත් සත්තු යුද්ධයට යොදා ගත්ත අවස්ථා සදහන් වෙනවා. අනාගතයේදී යුද්ධය සඳහා හංසයින් නිර්මාණය කරන්න රුසියාව සූදානම් වෙනවා.
හැබැයි එ් යකඩ හංසයෙක්. බෝම්බ හෙලන සුදු හංසයෙක් තමයි රුසියාව නිශ්පාදනය කරලා තියෙන්නේ. එ් තමයි රුසියාවේ නිශ්පාදිත නවතම Tupolev TU- 160 මාදිලියේ දැවැන්ත, දිගු දුර බෝම්බ හෙළන යානාවක මූලාකෘතියක්. පහුගිය දවසක කසාන් ගුවන්යානා නිශ්පාදනාගාරයේදී තමයි රුසියාව මේ ගුවන් යානය එළිදැක්වුවේ. රුසියාව මේ ගුවන් යානවයට “සුදු හංසයා” කියලා තමයි නම් කරලා තියෙන්නේ.
1992 න් පස්සේ රුසියාව මේ වගේ ගුවන් යානයන් නිශ්පාදනය කරපු පළවෙනි වතාව මේක. මේ ගුවන්යානා කර්මාන්ත ශාලාව තුල සෝවියට් සමූහ අාණ්ඩුව කාලයේ ඉදන් ගබඩා කරලා තිබ්බ ගුවන් යානා අමතර කොටස් යොදාගෙන තමයි මේ සුදු හංසයා නිශ්පාදනය කරලා තියෙන්නේ. දැනට ගොඩබිම පරීක්ෂාවන්ට යොමු කරලා තියෙන මේ යානාව 2018 පෙබරවාරී මාසයේදී ගුවන්ගත කරන්න නියමිතයි. ලොකයේ විශාලම බෝම්බ හෙලන මාදිලියේ ගුවන් යානය වෙන මේකට ටොන් 275 ක බරක් සහිතව ගුවන් ගත වෙන්න පුළුවන්. එ් වගේම නැවත ඉන්ධන පුරවන්නේ නැතුව කිලෝමීටර් 12,000 කට වඩා වැඩි දුරක් යන්න පුළුවන්. මේ ගුවන් යානය තියලා තියෙන පියාසර වාර්තාව වෙන්නේ කිලෝමීටර් 18,000 ක්. එ් කියන්නේ පැය 24 කට වඩා ගුවනේ ඉඳලා තියෙනවා.
https://youtu.be/eIzdZXLPmkU