ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා. පළවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟය ඔවුන්ගේ අතට අරගෙන හිටියා. නමුත් දෙවෙනි ඉනිමේදී තරඟය ජයග්‍රහණය දක්වා තමන්ගේ අතට ගන්න ඉන්දියාව සමත් වුනා. හැබැයි අයපත් අලෝකය නිසා ඉන්දියාවට ජයග්‍රහණය මඟ හැරී ගියා.
කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු රැස් කරන්න අාරාධනා කරා. වැස්ස නිසා ඉන්දියාවේ පළවෙනි ඉනිම පළවෙනි දවස් දෙක පුරාම අැදුනා. හැබැයි එ් අසසේ ඉන්දීය කඩුලු දඩයම් කරන්න සුරංග ලක්මාල් සමත් වුනා. පුජාරා ලකුණු 52 යි. සාහා ලකුණු 29 යි. මොහොමඩ් ෂාමි ලකුණු 24 යි. ඉන්දීය පළවෙනි ඉනිම ලකුණු 172 කට සීමා කරන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුනා. සුපිරි පන්දු යැවීමක නිරතවුන ලක්මාල් කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු යවපු පන්දුවාර 19 න් 12 ක්ම නිලකුණු පන්දුවාර වීම විශේෂත්වයක්. ලහිරු ගමගේ, දසුන් ශානක සහ දිල්රුවන් කඩුලු 2 බැගින් දවා ගත්තා.
පළවෙනි ඉනිමට ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 294 ක් රැස් කරා. ළහිරු තිරිමාන්න ලකුණු 51 යි. මැතිවස් ලකුණු 52 යි. දික්වැල්ල වේගවත් ලකුණු 35 ක් රැස් කරා. කොහොම වුනත් අන්තිම මොහොතේ බිද වැටෙමින් තිබ්බ ලංකාවේ ඉනිම ගොඩ ගන්න රංගන හේරත් සමත්වුනා. ලංකාවේ පළවෙනි. නිමේ වැඩිම ලකුණු ලාබියා වුන හේරත් ලකුණු 67 ක් රැස් කරා. එ් හතරේ පහර 9 ක් සමගින්. බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඩ් ෂාමි ලංකාවේ කඩුලු 4 බැගින් දවා ගත්තා. උමේෂ් යාදෙව් කඩුලු 2 යි.
ඉන්දියාව දෙවෙනි ඉනිම අාරම්භ කරේ ලංකාවට වඩා ලකුණු 122 ක් පිටිපස්සෙන් ඉදලා. ලකුණු 166 ක අාරම්භ සබදතාවක් ගොඩනගන්න ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් සමත් වුනා. රාහුල් ලකුණු 79 යි. ශතකය පෙනි පෙනී හිටිය ධවාන් ලකුණු 94 කට දැවී ගියා. ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුනා. ඉන්දියාව ශක්කිමත් ලකුණු සංඛාවකට ගෙනියන්න නායක විරාත් කෝලිට පුළුවන් වුනා. ඔහු නොදැවී වේගවත් ලකුණු 104 ක් ලබා ගත්තා. එ් 4 පහර 12 ක් සහ 6 පහර 2 ක් එක්ක. කොහොම වුවත් ඉන්දියාවේ අනිත් පිතිකරුවන්ට නම් සාර්ථක වෙන්න ලංකාවේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. ඉන්දියාව දෙවෙනි ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 352 ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටෙව්වා. සුරංග ලක්මාල් සහ දසුන් ශානක කඩුලු 3 බැගින් දවා ගත්තා.
ජයග්‍රහණය සදහා ලංකාවට ලකුණු 231 ක ඉලක්කයක් ලැබුණා. එ්ත් ලංකාවේ පිතිකරුවන්ට ඉන්දීය පන්දු යවන්නගේ දඩයමෙන් බේරෙන්න බැරිවුනා. දික්වැල්ල වේගවත් ලකුණු 27 ක් රැස් කරේ 4 පහර 2 ක් සහ 6 පහර 2 ක් එක්ක. නායක චන්දිමාල් ලකුණු 20 යි. ලංකාවේ කඩුලු එකපිට එක දැවී ගෙන එද්දී වැහි දෙවියන් ලංකාවට පිහිට වුනා. ලංකාව කඩුලු 7 කට ලකුණු 72 ක් ලබාගෙන සිටියදී තරඟය නතර කරන්න විනිසුරුවන් තීරණය කරා. එ් නිසා පළවෙනි ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමා වුනා.
තරඟයේ වීරයා වුනේ බුවනේෂ්වර් කුමාර්. එ් වගේම වාර්තා කිහිපයක් පිහිටුවන්න විරාත් කෝලි සමත් වුනා. එ් ටෙස්ට් ශතක ලාභීන් ලැයිස්තුවේ 4 වෙනි තැනට එන්න ඔහු සමත් වුනා. එ් වගේම ටෙස්ට් කණ්ඩායම් නායකයෙක් ලබා ගත්ත වැඩිම ශතක ගණනට හිමි වාර්තාව කෝලිගේ නම ඉස්සරහයින් ලියා ගන්න ඔහු සමත් වුනා. කොහොම වුනත් ලංකාව මේ තරඟයේදී හොද තරඟයක් දුන්නා. එ් නිසා ඊළඟ තරඟය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.