News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ලංකාව අසරණ කල බුවනේෂවර් සහ ධවාන් ඉතිරි තරඟ වලට එන්න බෑ කියයි.

2615 Views


ලංකාව අසරණ කල බුවනේෂවර් සහ ධවාන් ඉතිරි තරඟ වලට එන්න බෑ කියයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය වැස්ස නිසා ජය පරාජයෙන් තොරව නිමා වුනා. පැරදෙන්න ගිය ලංකාවට වැහි දෙයියෝ නිසා බේරුනා කියලයි හැමෝම කිව්වේ. ලංකාවට තවත් සුභ අාරංචියක් අද අහන්න ලැබුණා.

එ් තමයි බුවනේෂ්වර් කුමාර් සහ ශිකර් ධවාන් ලංකාව එක්ක තියෙන ඊළඟ තරඟ දෙකෙන් ඉවත් වෙලා තියෙනවා. පෞද්ගලික හේතු නිසා මේ විදියට ඉවත් වුනා කියලයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වේ. කොහොම වුනත් ඉනිම දෙකේදීම කඩුලු 4 බැගින් දවා ගත්ත බුවනේෂ්වර් තරඟයේ වීරයා වුනා. එ් නිසා බුවනේෂ්වර් නැති එක නම් ලංකාවට ලොකු වාසියක් වේවි. අාරංචි වුන විදියට නම් නොවැම්බර් 23 බුවනේෂ්වර් විවාහ වෙන්නයි ඉන්නේ. එ් නිසා ලංකාව එක්ක තියෙන ඉතිරි ටෙස්ට් තරඟ දෙකම ඔහුට මඟ හැරෙනවා.

පළවෙනි තරඟයේ දෙවෙනි ඉනිමේදී ශතකය පෙනි පෙනී දැවී ගිය ශිකර් ධවානුත් දෙවෙනි ටෙස්ට් තරඟයට සහභාගී වෙන්නේ නෑ. අපි බලමු ලංකාවට මේ දෙන්නා නැති වාසිය ලබා ගන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post