News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ලසිත් මාලිංගව එළියට දායි – 2018 සිට මාලිංග, IPL තරඟාවලියට නැති වෙයිද?

2102 Views


මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ලසිත් මාලිංගව එළියට දායි – 2018 සිට මාලිංග, IPL තරඟාවලියට නැති වෙයිද?

ලසිත් මාලිංගයි, IPL කියන්නේ හරියට ගහට පොත්ත වගේ. IPL තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග. ඔහු මේ දක්වා කඩුලු 154 ක් දවාගෙන තියෙනවා. ඔහුගේ මේ දක්ෂතා නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔහුව නිත්‍ය සාමාජිකයෙක් කරගෙන හිටියෙ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී අාරම්භයේ ඉඳන්ම වෙන්දේසියට නොදමා තියාගෙන හිටිය එකම ලාංකීය ක්‍රීඩකයාත් ලසිත් මාලිංග.

හැබැයි ලබන වසරේ පැවැත්වෙන IPL තරඟාවලියේදී මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් නිදහස් කරන්න තීරණය කරලා තියෙනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතාව දිනා ගත්ත තරඟාවලි දෙකේදීත් මාලිංක සුවිශේෂී සේවයක් කරා. හැබැයි එහෙම තියෙද්දිත් මාලිංගව මේ වගේ නිදහස් කරපු එක ගැන ක්‍රීඩා ලෝලීන් ලොකු කනස්සල්ලකින් ඉන්නේ. මාලිංගගේ වර්තමාන දක්ෂතා සැලකිල්ලට අරන් මේ තීරණය ගත්තා කියලයි මුම්බායි ඉන්දියන්ස් කලමණාකාරීත්වය කියන්නේ. මේ නිසා එළඹෙන IPL වෙන්දේසියේදී මාලිංගටත් වෙන්දේසි වෙන්න සිද්ධ වෙනවා. එ් වගේම වෙන්දේසියේදී කිසිම කණ්ඩායමක් මාලිංගව නොගත්තොත් IPL තරඟාවලියෙන් එළියට යන්නත් මාලිංගට සිද්ධ වෙනවා.

කොහොම වුනත් මාලිංගට IPL නිසා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් බැනුම් අහන්න වුනා. එ් වගේම ලංකාවේ ක්‍රිකට් වල ගොඩක් අවස්ථා නැති වුනා. එහෙම කරපු මාලිංගට මේ විදියට කුණුකූඩයට දාපු එක නම් හොඳ මදී.


News Articles
Latest Videos
Most Popular Post