News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

“බණ පොත් වල තියෙන්නේ පට්ටපල් බොරු. මම තමයි මතු බුදු වෙන්නේ, හැබැයි මේක කාටවත් කියන්න එපා.” – බැංකු කළමණාකරුවෙක් කියපු හතර බීරි කතාව මෙන්න.

2380 Views


“බණ පොත් වල තියෙන්නේ පට්ටපල් බොරු. මම තමයි මතු බුදු වෙන්නේ, හැබැයි මේක කාටවත් කියන්න එපා.” – බැංකු කළමණාකරුවෙක් කියපු හතර බීරි කතාව මෙන්න.

කාලෙන් කාලෙට අපේ රටේ රහත් වුනා, බුදු වුනා, මතු බුදු වෙන්න ඉන්නවා කියාගෙන එක එක චරිත මතු වෙනවා. පහුගිය දවස්වල සෝවාන් වුනා කියපු සද දෙවිඳු බුකිය කැලඹුවා ඔබට මතක අැති. එ් රස්නෙ යන්නත් කලින් තවත් බෝසත් කෙනෙක් ගැන බුකියේ කතා වෙන්න පටන් අරන්. මේ සැරේ බුකී තරුවක් වෙන්න හදන පුද්ගලයා ගැන අපි හොයලා බැලුවා.

මේ පුද්ගලයා තමන් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් කියලා තමයි පෙනී ඉන්නෙ. හැබැයි ඔහු මධ්‍යම පළාතේ බැංකුවක කළමණාකාරවරයෙක්. වයස අවුරුදු 45 යි. ක්‍රිස්තියානි පියෙක්ට සහ බෞද්ධ මවකට දාව තමයි ඉපදිලා තියෙන්නේ. එ් වුනත් අම්මාගේ අඩිපාරේ යන ගමන් බුදු දහමට යොමු වෙලා තියෙනවා. මේ වෙද්දි විවාහ වෙලා දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඔහු වැඩ කරන බැංකුවට එන ගණුදෙනු කරුවන්ව කතාවෙන් අල්ලා ගන්න රුසියෙක්.

බැංකුවේ වැඩ කරනවට වඩා බැංකුවට එන ධනවත් ව්‍යාපාරිකයින්ට ජීවිතය ගැන, ලෝකය ගැන පාඩම් කියලා දෙන එකලු කරන්නේ. ජීවිතය ගැන කියලා පටන් ගන්න කතාව අන්තිමට නතර වෙන්නෙ සංසාරය ගැන අනිත්‍ය ගැන කියලා තමයි නවතින්නේ. දන්නා අය කියන විදියට නම් මේ පුද්ගලයා තරම් හොදට බණ කියන්න හාමුදුරුවෝ කෙනෙක්ටවත් බෑලු. එ් නිසා ගොඩක් අය ඔහුගේ කතාවට අැදිලා යනවා. මේ විදියට බණ කියලා අල්ලා ගන්න සමීපතම අයට ඔහු රහසක් කියනවා. එ් තමයි ” දැනට අපි බුදු දහම කියලා හඳුන්වන දේ පිරිසිදු බුදු දහම නෙවෙයි. පිරිසිදු බුදු දහම පොත පතින් වත්, කවුරුවත් කිව්ව පලියටවත් ඉගෙන ගන්න බෑ. එ්ක ඉබේටම ප්‍රඥාවට මතු වෙන්න ඕන. බණ පොත්වල තියෙන්නෙ පට්ට පල් බොරු. එ් වුනාට මුලු සමාජයම එ්වගෙන් මුලා වෙලා. වැඩි දෙනෙක්ට නොකියනවා නම් මම එ් ගැන වැදගත් රහසක් කියන්නම්.” කියලා.

ඔහොම අහන් ඉන්න අයගේ ඔලු වලට විෂබීජ දාලා ඔහු පුදුම කතාවක් කියනවා. එ් තමයි මතු බුදුවෙන මෛත්‍රී හාමුදුරුවො ඔහු කියලා. මේ වෙද්දි එ් කතාව විශ්වාස කරන තැනට අහගෙන ඉන්න පුද්ගලයා පත් වෙලා ඉවරයි. කොහොම හරි මේ කතාව ව්‍යාපාරිකයෝ අතරේ ගින්නක් වගේ පැතිරෙනවා. බොරුවට අත්තටු තියෙනවා කියනවනේ. අනික ලංකාවේ මිනිස්සුන්ටත් කොච්චර අතේ පත්තුවෙන බොරුවක් කිව්වත් හිස් මුදුනින්ම පිලිගන්නවා. අන්තිමේදී ව්‍යාපාරිකයෝ පිරිසක් එකතු වෙලා මේ මතු බුදු වෙනවා කියන බෝසතුන්ගේ දහම් දෙසුමක් සංවිධානය කරනවා.

ධර්ම දේශනාවක් කිව්වට අැත්තටම එ්ක සංවිධානයක මහ සභා රැස්වීමක් වගේ. මේ පුද්ගලයා එතන හිටිය අයට තමන්ගේ බුද්ධ රාජ්‍යයේ නිලතල බෙදනවා. සැරියුත් හිමියන්, මුගලන් හිමියන්, සුද්ධෝදන රජතුමා, මහා මායා දේවිය, අනේ පිඬු සිටුතුමා වගේ බුද්ධ කාලයේ හිටිය චරිත හැම එකක්ම එතනට අාපු අයට බෙදලා දෙනවා. අපේ මිනිස්වුන්ටත් ඉතිං මරණාධාර සමිතියක හරි කමක් නෑ තනතුරක් ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නෑනේ. කොහොම හරි හැම මාසෙකම මේ දහම් හමුව සංවිධානය කරනවා. දවසක් මේ දහම් හමුවට අාපු පිරිසක් ධර්මදේශනාවට විරුද්ධ වෙලා කෑ ගහනවා. එ්කටත් හරි අපූරු පිළිතුරක් තමයි මේ බෝධිසත්වයා දෙන්නේ. එහෙම බනින අය දේවදත්ත, චිංචි මානවිකාව, සච්චක බමුණා කියලා නම් කරනවා.

කොට්ටෝරුවගේ වුනත් දවස හොට පැටලෙනවා කියනවා නේ. මේ බැංකු බෝසතාණන්ගේ ප්‍රභල අනුගාමියෙකුගේ නැන්දනිය මිය යනවා. අැයගේ හත් දවසේ මතක බණට මේ බෝධිසත්වයාටත් අාරාධනා ලැබෙනවා. මතක බණට අාපු ස්වාමීන් වහන්සේ නමක් මෛත්‍රී බුදුන් ගැන දේශනා කරන්න ගත්තා විතරයි මේ පුද්ගලයා ස්වාමීන් වහන්සේට බනින්න ගන්නවා. ” අනේ හාමුදුරුවනේ, පිං සිද්ධ වෙයි ඔය පට්ට පල් බොරුව නවත්ත ගන්න. මෙතන කවුරුවත් ඕවා විශ්වාස කරන්නේ නෑ.” කියලා කෑ ගහනවා. අන්තිමට වෘක හම පෙරව ගත්ත නරියාගේ වැඩේ තමයි මේ පුද්ගලයාටක් වෙන්නෙ. මේ බෝසතාණන් ගැන දන්නේ නැති අයගෙන් ගුටි නොකා බේරුණේ අනූ නමයෙන්. මේ කලබල අස්සේ එතනට අාපු මේ පුද්ගලාගේ බිරිද ඔහුගේ පැටිකිරිය එලිකරා. “මගේ මහත්තයා හැම අතින්ම හොඳ කෙනෙක්, එ් වුනාට මෙයා හිතන් ඉන්නේ එයා මතු බුදුවෙන මෛත්‍රි බෝධිසත්වයෝ කියලා. මෙයා ඉන්න විදියට ගොඩක් අය එ්ක පිළිගන්නවා. එ් වුනාට අපිට තේරෙනවා මෙයාට මොකක් හරි මානසික විකෘතියක් කියෙනවා කියලා. අපි එයාගේ මතයට විරුද්ධ වුනොත් හරියට කේන්ති ගන්නවා” කියලයි බිරිද කිව්වේ.

තමන්ගේ අැත්ත එළි වුනාම බිරිදවත් ඔහු හංවඩු ගහනවා. එ් බිරිද සංසාරිකව තමාට හකුරුකම් කරනවා කියලා. තමා මතු බුදු වුනාමත් අැය හතුරුකම් කරනවා කියලා ඔහු කියනවා. කොහොම හරි එතන හිටිය කෙනෙක් මේ පුද්ගලයාට වැළදිලා තියෙන රෝගය ගැන පැහැදිලි කරා. “අභිමාන මෝහය”, (Grandiose Delusion) කියන මානසික රෝගය තමයි මොහුට ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුනත් කාලයක් බෙහෙත් ගත්තොත් මේ රෝගය හොද කර ගන්නත් පුළුවන්. හැබැයි ඉතිං මේ වෙනක්ං ඔහුගේ අනුගාමිකයෝ එ්කට ඉඩදීලා නෑ. මොකද එහෙම වුනොත් නිකන් ලැබුණ පට්ටම් ටික නැති වෙන නිසා. කොහොම වුනත් මේක හැමෝටම හොඳ පාඩමක්. කිසිදෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව හැමදේම හිස් මුදුණින් පිළිගන්නවට.


News Articles
Latest Videos
Most Popular Post