ඔහු දෙමළ සිනමාවේ සදාකාලික වීරයා වන රැජිනිකාන්ත්. එක් දහස් නමසිය පනහ අවුරුද්දේ ඉපදුන ඔහු රැකියාව විදිහට කලේ කළේ බස් කොන්දොස්‌තර කම. පසු කාලිනව දෙමළ සිනමාවට ආව ඔහු, වැඩිකලක් යන්න කලින්ම දෙමළ සිනමා රසිකයින්ගේ වීරයා බවට පත්වුනා. සිනමා නළුවකු විදිහට ඔහුගේ රසික ජනතාවට ආදරය කරන ඔහු ගොඩක් අවස්‌ථාවල ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඉතින් මේ ලඟදි අපට දැනගන්න ලැබුණේ ඔහු තමන්ගේ යාලුවොත් එක්ක එකතුවෙලා හිමාලය ලඟ දුනාගරි ප්‍රදේශයේ භාවනා ආශ්‍රමයක් ඉදි කරා කියලා. අවුරුදු 20 ක් තිස්සේ, රැජිනිකාන්ත් මේ දුනාගරි ප්‍රදේශයේ තියෙන ගුහාවට භාවනා කරන්න එනවා. ඒ වගේම මේ ගුහාවේ මහාවතාර් බාබුජි යෝගීවරයා ජීවත් වුන ස්‌ථානය කියලත් විශ්වාසයක් තියෙනවා. මේ ගුහාවේ ඒ යෝගිවරයාගේ අමරණීය සිරුරක් තියෙනවා කියලත් ඔවුන් සලකනවා.
රැජිනිකාන්ත් හදපු මේ භාවනා ආශ්‍රමයට එන අයට නොමිලේම මෙහි පහසුකම් භුක්‌ති විඳින්න පුළුවන්. නළු කම හා ප්‍රසිද්ධිය තම පුද්ගලික වාසියට පමණක් හරවා නොගෙන තම රසිකයා සහ රටවැසියා වෙනුවෙන් ඔහු කරන දේ නම් අගය කළ යුතු කාරණයක්.