දික්වැල්ල කියන්නේ ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණයෙන් පන්දු යවන්නන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ. පිත්තෙන් ප්‍රවේගකාරී වෙන දික්වැල්ල ඊයේ තරඟයේදී ඉන්දියාවට පොඩි චන්ඩි පාට් එකකුත් දැම්මා.
එක සැරයක් මොහොමඩ් ෂමීගේ පන්දුවකට හතරේ පහරක් ගහපු දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් හරියට ස්ථාන ගත වෙලා නෑ කියලා එ්ක නිපන්දුවක් ලෙස නම් කරන්න කියලා විනිසුරුවන්ගෙන් ඉල්ලුවා. එ් නිසා දික්වැල්ල, ෂමී සහ කෝලි අතර උණුසුම් වචන හුවමාරුවක් අැති වුනා. එක අවස්ථාවක ලංකාව කඩුලු 4 ක් දැවී අසීරු අවස්ථාවක ඉන්නකොට දික්වැල්ල නිකරුනේ කාලය නාස්ති කරනවා කියලා ඉන්දීය ක්‍රීඩකයින් දික්වැල්ලට චෝදනා කරා. එ් වගේම තවත් අවස්ථාවක මොහොමඩ ෂමී දික්වැල්ල ලඟට ගිහින් මොනවද කිව්වා. එ වෙලාවේ විනිසුරුවන් සහ නායක දෙපල මැදිහත් වෙලා තත්වය සමනය කරා.
කොහොම වුනත් දික්වැල්ලගේ මේ චන්ඩි පාට් ගැන ගොඩක් සතුටු වුන කෙනෙක් හිටියා. එ් තමයි විස්තර විචාරක රසල් අානල්ඩ්. රසල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා කියලා තිබ්බේ අනෙක් පිතිකරුවන්ගෙන් එ් වගේ අාත්ම විශ්වාසයක් සහ තරඟයට ප්‍රවිශ්ඨ වීමක් දැක්කේ නෑ කියලා. කොහොම වුනත් ඕනම තැනක නාහෙට අහන්නෙ නැති කෙනෙක් ඉන්නවනේ. පේන විදියට නම් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එ් තැන අරගෙන තියෙන්නෙ දික්වැල්ල.
https://twitter.com/RusselArnold69/status/932554533305139201