News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

අද ලග්න දෙකකට පාද ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1588 Views


අද ලග්න දෙකකට පාද ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 22 බදාදා

රාහු කාලය පෙ.ව 11.56 සිට 01.25

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නිරිත

 

 

මේෂ ලග්නය

පහුගිය දවස් වල තිබුණු බාධා කම්කටොලු දුරු වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. කලාකාමී කටයුතු සතුට මිශ්‍ර වුණු කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ජිවිතයට අලුත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු පරිපාලන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ඇතැම් අවස්ථා වලදී පුංචි පුංචි කලකිරීම් උදා වුනත් සියල්ල මග හරවා ගෙන ඉදිරියට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය දීප්තිමත් රතු පැහැය                ජය අංකය 08

වෘෂභ ලග්නය

කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික සුවතාවය වර්ධනය වෙනවා. අනිත් අයව විශ්වාස කරලා කරන කටයුතු වලදී පුංචි පුංචි ග්‍රහ පීඩා ඇති වෙනවා. සියල්ල අතර ඔබට චිත්ත පීඩා මානසික අසහනකාරී ස්වභාව කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇතිවීම ඒ වගේම කෙටි ගමන් බිමන් වලින් අතුරු ආන්තරා සිදු වීම බාධා සහිත තත්වයන් ඇතිවිය හැකියි. වැඩි ආත්ම විශ්වාසය තමන්ගේ පරාජයට හේතු වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 08

මිථුන ලග්නය

ප්‍රේමනීය සබදතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව පුංචි මතගැටුම් ඇති වෙන්න පුළුවන්. අත ගහන සෑම කටයුත්තක්ම තරමකකම්පාවට පත් වෙනවා. ජිවිතයට බලාපොරොත්තු රැසක් එකතු වෙන දවසක්. හවුලේ කරන කටයුතු වලදී නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. ඔබගේ සහකරු හෝ සහකාරිය පිලිබදව වෙනදට වඩා විශ්වාසයක් පවත්වා ගන්න.

ජය වර්ණය විසිතුරු පැහැය                      ජය අංකය 03

කටක ලග්නය

බලාපොරොත්තු ඉටු කරගත හැකි දිනයක්. කායික ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ආමාශගත රෝගී තත්ව ඇතිවිය හැකියි. මනස ව්‍යකුලත්වයට පත් වෙන්න පුළුවන් නිසා අදහස් වෙනස් වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට සාපේක්ෂව අධ්‍යාපනික කටයුතු ගේදොර ඉඩකඩම් කටයුතු වලට වැඩි ඉඩක් වෙන් කරනවා. පොත්පත් ආදී දේවල් වලින් බොහෝ දේවල් ලබා ගන්න උත්සාහවන්තව කටයුතු කරන්න. නිරෝගී සුවය උදා වෙනවා. නමුත් තරමක මහන්සි වීම් සිදු වේවි.

ජය වර්ණය ලා තැඹිලි පැහැය                               ජය අංකය 05

සිංහ ලග්නය

තරමක මහන්සි වෙන්න සිදු වෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න බාධා එල්ල වෙනවා. තමන්ගේ දූදරුවන් පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති විය හැකියි. තරමක කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ආමාශගත රෝගද ඇති වෙනවා. ජයග්‍රාහි ලීලාවෙන් කරන සෑම කටයුත්තක්ම ජයග්‍රාහී ලීලාවෙන් අවසන් කරන්න හැකි වෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

කන්‍යා ලග්නය

වචන බාවිත කිරීමෙන් බොහෝ දෙනාව දිනා ගැනීමේ හැකියාව පවතිනවා. තරමක ආඩම්බරකාරී සිතුවිලි ඇති වෙනවා. පපුව ආශ්‍රිත සෙම් සහිත රෝග, පියා මව ආශ්‍රිත දුක්ඛ දායක තත්ව ඇති වෙනවා. ඔවුන් පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. රැකිරක්ෂා වලින් දියුණුවක් හිමි වෙනවා.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 07

තුලා ලග්නය

තමන්ගේ මානසික ශක්තිය කායික ශක්තිය වගේම සිතුවිලි සාර්ථකත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අසල්වාසීන් සමග මත ගැටුම් මතභේද ඇති වෙනවා. පුංචි පුංචි චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇති විය හැකියි. මෝර පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 07

 

වෘශ්චික ලග්නය

 

පුංචි පුංචි බාධාකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා. ප්‍රේමනීය සිතුවිලි වලට චිත්ත පීඩා ඇතිවීම සිදු වෙනවා. කල්පනාකාරී වෙන්න. අවලාද උපහාස වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. ගමන් බිමන් යාම් වලදී අතුරු ආන්තරා ඇති විය හැකියි. පාද ආශ්‍රිත හිස ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. රිය ධාවනයේදී ඉවසීම කල්පනාකාරී වීම වඩාත් වැදගත්. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව සෙම් සහිත රෝග වලින් පීඩා ගෙන දේවි.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

ධනු ලග්නය

මනසට පීඩා තමන්ගේ මවට පියාට පීඩා ඇති වීම තමන්ට පැවරෙන යම් කටයුත්තක් අවසන් කර ගැනීමට නොහැකිව වේදනාබර තත්ව උදා වීම තමන්ගේ සිතුවිලි ව්‍යකුලත්වයට පත් වීම සිදු විය හැකියි. ඉවසිලිවන්තව කටයුතු කිරීම උෂ්ණාධික රෝග වලින් පිඩාවට පත් වෙනවා. ගමන් බිමන් යාම් වලදී අතුරු අන්තරා සිදු වෙනවා.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 03

මකර ලග්නය

කායික ශක්තිය දුර්වල වෙනවා. මානසික ශක්තිය දුර්වල වෙනවා. අත ගහන බොහෝ කටයුතු වලින් යම් පිඩාවක් ඇති වෙනවා. කටයුතු සම්පාදනය කරද්දී ඉවසීම අතිශය වැදගත් වෙනවා. ඔබ කරන කටයුතු වල රහස්‍යභාවය රැක ගැනීම කල යුතුයි. නුග වෘක්‍ෂයකට ජලය වත් කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 03

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. අතගහන බොහෝ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. කායික ශක්තිය වර්ධනය වීම නිරෝගී සුවය උදා කර ගැනීම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු ඇගලුම් ක්ෂේත්‍ර සම්බන්ධ කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්. මෝර පිරිත සජ්ජායන කරන්න.

ජය වර්ණය ලා දම්පැහැය             ජය අංකය 03

මීන ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තරමක පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. අලුත් අයත් සමග සබදතා ගොඩ නංවා ගැනීමෙන් පරණ සාමාජිකයන්ව අමතක වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. තීන්දු තීරණ ගැනීමේදී උදව් කරපු පීරිස් ආරක්ෂා කරන්නත් අමතක කරන්නෙපා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් යම් සහනයක් අපේක්ෂා කරන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය ලා රතු පැහැය                       ජය අංකය 04

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 676 5353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post