News Line| Off Air
Generic placeholder image

Nov
22

අද හෙටම ලංකාවෙන් නැනෝ චන්ද්‍රිකාවක් උඩු ගුවනට.

1777 Views


අද හෙටම ලංකාවෙන් නැනෝ චන්ද්‍රිකාවක් උඩු ගුවනට.

තාක්ෂණය කියන්නේ මිනිස් ජීවිත කනපිට ගහපු සාධකයක්. ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර හදා ගත්ත මානවයා විශ්ව ගවේශණය දක්වාම තාක්ෂණයෙන් දියුණු වෙලා. එ්ත් ලෝකයේ අනිත් රටවල් වලට වඩා ලංකාව තාක්ෂණය අතින් ඉන්නේ පිටිපස්සෙන්. ලෝකයට චන්ද්‍රිකා සංකල්පය හඳුන්වලා දුන්නේ ලංකාවේ පුරවැසියෙක්. එ් තමයි අාතර් සී ක්ලාක් මහතා. හැබැයි ලංකාවට තාම චන්ද්‍රිකාවක් යවා ගන්න බැරි වෙලා තියෙනවා.

පහුවෙලා හරි ලංකාව චන්ද්‍රිකාවක් යවන වැඩේට අත ගහලා තියෙනවා. එ් අාතර් සී ක්ලාක් අායතනය. 2018 දී තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි නැනෝ චන්ද්‍රිකාව නිශ්පාදනය කරන්න පටන් ගන්නේ. 2020 දී තමයි මේ චන්ද්‍රිකාව ගුවන්ගත කරන්න සූදානමින් ඉන්නේ. එ් වගේම රැසියාව එක්ක එකතුවෙලා තවත් නැනෝ චන්ද්‍රිකාවක් නිශ්පාදනය කරන්න සැලසුම් කරනවලු.

සාමාන්‍යයෙන් නැනෝ චන්ද්‍රිකාවක බර 1 – 10 ත් අතර වගේ වෙන්නේ. පෘථිවියට කිලෝමීටර් 400 – 500 ත් අතර ඉහළින් තමයි මේ චන්ද්‍රිකා කක්ෂගත වෙන්නේ. නැනෝ චන්ද්‍රිකාවක ප්‍රමාණය සදහා සම්මත මිනුම් එ්කකය සෙ.මි. 10 X10 X 10 ප්‍රමාණයේ ඝණකයක්. එ්කකයක් විදියට තමයි මෙය හඳුන්වන්නේ. එ්කක 1 ඉඳලා 12 දක්වා ප්‍රමාණ වලින් නැනෝ චන්ද්‍රිකා දකින්න පුළුවන්.

ඉස්සර තිබ්බ අති විශාල චන්ද්‍රිකා වලට වඩා නැනෝ චන්ද්‍රිකා වල වාසි ගොඩක් තියෙනවා. මේ සඳහා අඩු නිශ්පාදන පිරිවැයක් වගේම අඩු බලයක් තමයි යන්නේ. එ් වගේම විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා යවන රොකට්ටුවක මේ වගේ නැනෝ චන්ද්‍රිකා රාශියක් ගුවන්ගත කරන්න පුළුවන්. හැබැයි විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා වලට වඩා අායු කාලය නම් අඩුයි. නැනෝ චන්ද්‍රිකාවක අායු කාලය මාස 06 ඉදලා අවුරුදු 10 දක්වා වෙනවා.

ශ්‍රී ලංකාව සහ රැසියාව අතර චන්ද්‍රිකා තාක්ෂණය ගැන ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. එ් නිසා නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය ගැන සම්පූර්ණ දැනුම ලංකාවට දෙන්න රැසියාව පොරොන්දු වුනා. එ් වගේම ලංකාවේ නිශ්පාදනය කරන චන්ද්‍රිකා උඩුගුවනේ ස්ථාපනය කරන්න ඕන සහය දෙන්න රැසියාවේ “සමාරා” අභ්‍යාවකාශ අායතනය කැමති වෙලා තියෙනවා. මේ වැඩසටහනේ පළවෙනි අදියර විදියට රැසියාවේ චන්ද්‍රිකා විශේෂඥයින් අැවිත් ලංකාවේ වැඩමුළුවක් කරනවා. ඊට පස්සේ ලංකාවේ තෝරාගත්ත ඉංජිනේරුවන් හා විද්‍යාඥයෝ 17 ක් රැසියාවට එක්කගෙන ගිහින් එ් ගැන අවබෝධයක් ලබා දෙනවා.

ප්‍රමාද වෙලා හරි ලංකාවේ නම සටහන් වුන චන්ද්‍රිනාවක් උඩුගුවනට යවන්න පුළුවන් වෙලා තියෙනවා. විශ්ව ගවේෂණයේදී ලංකාවේ නමත් ඉදිරියෙන්ම කියවෙන දවසක් තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post