News Line| Off Air
Generic placeholder image

Nov
22

Selfie ගහන්න ගිය සුරූපී තරුණිය දෙවෙනි තට්ටුවෙන් පහලට වැටිලා.

1565 Views


Selfie ගහන්න ගිය සුරූපී තරුණිය දෙවෙනි තට්ටුවෙන් පහලට වැටිලා.

Selfie කියන්නේ ලෝකයේ අලුත්ම උන්මාදය. ජීවිතේට අහලා තිබ්බෙ නැති වචනයක් එක්ක අාපු සෙල්ෆී ලෝකය පුරා මෙච්චර පිස්සුවක් අැති කරයි කියලා කවුරුවත් හිතන්නේ නැතුව අැති. ස්මාට් ෆෝන් වල ඉදිරිපස කැමරාව එක්ක තමයි සෙල්ෆී ලෝකයට එන්නේ. හැබැයි මේ වෙද්දී සෙල්ෆී මිනිස් ජීවිත වලට ලොකු හානියක් කරන්න සමත් වෙලා තියෙනවා.හානිය කොච්චරද කියනවා නම් සෙල්ෆී නිසා මරණ පවා වාර්ථා වෙනවා.

එ් වගේ පුවතක් තමයි දැන් කියන්න යන්නෙත්. සෙල්ෆියක් ගහන්න ගිහින් ලන්ඩන් වල බිල්ඩිමකින් තරුණියක් බිමට වැටිලා තියෙනවා. ටෝනි කෙලී කියන නවසීලන්ත ජාතික තරුණියක් තමයි මේ විදියට බිල්ඩිමෙන් පහළට වැටිලා මියගිහින් තියෙන්නේ. කෙලී ජනේලයෙන් එළියට ඔලුව දාලා සෙල්ෆිය ගහන්න ගිහින්. එ් වෙලාවේ තමයි අැයව තට්ටු දෙකක් උඩ ඉදලා බිමට වැටිලා තියෙන්නේ. NGO එකක වැඩකරන කෙලී හැම තිස්සෙම හිනා වෙලා ඉන්න තරුණියක්.

සෙල්ෆී පිස්සුවක් තියෙන හැමෝටම මේක හොද පාඩමක්. තැනක් නොතැනක් බලන්නේ නැතුව සෙල්ෆී ගහන අය, මේ දිහා බලලවත් හැදුනොත් නම් හොදයි.


News Articles
Latest Videos
Most Popular Post