උසේන් බෝල්ට් කියන්නේ ලෝකයේ ඉන්න වේගවත්ම මිනිසා. එ්කේ විවාදයක් නෑ. තාමත් මීටර් 100, මීටර් 50 ලෝක වාර්තාවන්ට හිමිකම් කියන්නේ ඔහු. උසේන් බෝල්ට් කියන්නේ වේගපන්දු යවන්නෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඔහු ක්‍රිකට් පුහුණුවීම් කරද්දී දුවන වේගය දැකලා පුහුණුකරු ඔහුව මළල ක්‍රීඩාවට යොමු කරනවා.
එහෙම මළල ක්‍රීඩාවට අාව බෝල්ට් අායෙත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා. හැබැයි එ් ක්‍රිකට් සෙල්ලම් කරන්න නම් නෙවෙයි. ක්‍රිකට් සෙල්ලම් කරන අයව පුහුණු කරන්න. ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන්න බෝල්ට් පහුගිය දවසක ඕස්ට්‍රේලියාවට ගියා. කඩුලු අතර වේගයෙන් දුවන විදිය තමයි බෝල්ට් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට පුහුණු කරලා තියෙන්නේ. වේග පන්දු යවන්නෙක් වෙන්න හීන දැකපු බෝල්ට්ට මළල ක්‍රීඩකයෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩකයන්ව පුහුණු කරන්න ලැබුණ එක නම් හරිම පුදුම සහගතයි.
හැබැයි ඉතිං දෙවියෝ පස්සේ ගිහින් තරඟ දිනන්න උත්සහ කරන අපේ රටේ ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියාව හොඳ පණිවිඩයක් දීලා තියෙනවා. එ් දක්ෂයාගෙන් මිස මිත්‍යාවන් පස්සේ ගිහින් වැඩක් නෑ කියලා.
VIDEO පහතින්…
https://youtu.be/vFZc0HHMYYU