News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

දැක්කම බය හිතෙනවා වෙනුවට ආදරේ හිතෙන සටන් ශූරිය.

1691 Views


දැක්කම බය හිතෙනවා වෙනුවට ආදරේ හිතෙන සටන් ශූරිය.

අද ලෝකයේ ගොඩක් අය සටන් කලාවක් ඉගෙන ගන්න පුරුදු වෙලා ඉන්නවා. අාත්මාරක්ෂාවට, ශරීර සෞඛයට වගේම සමහරු ෆැෂන් එකක් විදියටත් සටන් කලා හදාරනවා. කරාතේ, වූෂු, ටයිකොන්ඩෝ, ජූඩෝ, අංගම්පොර වගේ සටන් ශිල්ප රාශියක් මේ වෙද්දී ලෝකයේ තියෙනවා. හැබැයි ඉතිං ඕවා ඉගෙන ගත්තා වගේ නෙවෙයි අතපයේ අමාරුවට වටේ පිටේ අයට ශිල්ප දක්වන්න යන්න නම් හොද නෑ.

කොහොම වුනත් තරුණ වයස්වල අය තමයි ගොඩක් වෙලාවට සටන් ශිල්ප හදාරන්නේ. එත් ඔබ විශ්වාස කරනවද අවුරුදු 3 ක පුංචි සිඟිත්තියක් ටයිකොන්ඩෝ හදාරණවා කිව්වම. මේ දවස්වල අන්තර්ජාලය පුරාම චූටි දැරියක් ටයිකොන්ඩෝ පුහුණුවෙන වීඩියෝවක් Share වෙනවා. මේ වීඩියෝවේ ඉන්න දැරියගේ නම සොෆී. දකුණු කොරියාවේ තමයි සොෆී ඉන්නේ. තාමත් අවුරුදු 3 ක් වෙන සොෆී එයාගේ ගුරුතුමියගෙන් තමයි ටයිකොන්ඩෝ ඉගෙන ගන්නේ. එයාට වඩා තුන්ගුණයක් විතර අැති මිනිස්සු එක්ක තමයි එයා සටන් කරනවා කියන්නේ.

මේ තියෙන්නෙ පුංචි සොෆී ටයිකොන්ඩෝ පුරුදු වෙන වීඩියෝව. බලන්නකො කොච්චර හොඳට එයා එ්ක කරනවද කියලා. දැන් ඉතිං මේක බලපු අම්මලා ගෙදර ඉන්න පොඩි එකාවත් සටන් පුරුදු වෙන්න අැදන් යනවා එහෙම නෙවෙයි.

https://youtu.be/RzFmWjavzYM


News Articles
Latest Videos
Most Popular Post