News Line| Off Air
Generic placeholder image

Nov
22

දෙමාපියන්ගේ දුප්පත්කම සහ දොස්තරලගේ නොසැලකිලිමත්කම නිසා අවුරුදු 2 දරුවට අත්වුණු ඉරණම – සුළු දෙයින් කම්පනයට පත්වන අය ඡායාරුප නැරඹීමෙන් වලකින්න.

2184 Views


දෙමාපියන්ගේ දුප්පත්කම සහ දොස්තරලගේ නොසැලකිලිමත්කම නිසා අවුරුදු 2 දරුවට අත්වුණු ඉරණම – සුළු දෙයින් කම්පනයට පත්වන අය ඡායාරුප නැරඹීමෙන් වලකින්න.

හැම අම්මා තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා ලෝකය දිනනවා දකින්න. දස මසක් කුසේ ඉන්න කිරිකැටියා එළියට අැවිත් ලෝකය දිහා අැස් අැරලා බලනකන් අම්මට තාත්තට ඉවසිල්ලක් නෑ. එ්ත් එ් සිඟිත්තට මේ ලෝකය දකින්න වාසනාව නැති වුණොත් එ් අම්මා තාත්තා කොච්චර අසරණ වෙනවද. තමන්ගේ අම්මා තාත්තාගේ මූණවත් දකින්න බැරි එ් පුංචි එකාව දකින වාරයක් පාසා අම්මා තාත්තා කොච්චර වේදනාවකින් පිච්චෙනවා අැත්ද?

අපි නොහිතුවට ලෝකයේ එ් වගේ අසරණ දෙමව්පියන් වගේම ළමයි ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්න යන්නෙත් එ් වගේ සංවේදී කතාවක් ගැන. ඉන්දියාවේ ඉපදුන වයස අවුරුදු 2 ක පුංචි පුතෙක් ඉන්නවා. එයාට මාස දෙකක් වෙද්දි අන්ධ වෙන්න පටන් අරන්. එ්කට වෛද්‍යවරු කරපු ප්‍රතිකාර නිසා පුංචි පුතාගෙ අැස් ඉදිමිලා එළියට අාවා. දැන් එයාට පොඩ්ඩක්වත් මේ ලෝකය දකින්න අවස්ථාවක් නෑ. වෛද්‍යවරු හොයාගෙන තියෙන විදියට මේ පුංචි පුතාට රුධිර පිළිකාවකුත් තියෙනවා. එයාගෙ තාත්තත් පිළිකාවකින් පෙලෙනවා. හරි හමන් රස්සාවක් නැති එයාගෙ තාත්තට, පුතාට බෙහෙත් කරන්න තරම් වත්කමක් නෑ.

නමුත් වාසනාවට වගේ ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයකට මේ පුතාව මුණ ගැහෙනවා. එයාලා මේ දරුවට උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. විශේෂඥ වෛද්‍යවරු පුංචි පුතාට බෙහෙත් කරන්න ඉදිරිපත් වෙනවා. වෛද්‍යවරු කියන්නෙ එ් අසරණ දරුවා සුවපත් කරන්න පුළුවන් කියලා. එයාගේ අම්මගේ තාත්තාගේ මූණ දකින්න පුළුවන් වේවි කියලා. අපි හැමෝගෙම ප්‍රාර්ථනයකත් එ්ක.

 

මේ තියෙන්නේ එ් අසරණ දරුවාගේ ඡායාරූප. මේ අතර ඉතාම සංවේදී ඡායාරූප තියෙනවා. එ් නිසා සංවේදී අය කරුණාකරලා මේ ඡායාරූප නැරඹීමෙන් වළකින්න.


News Articles
Latest Videos
Most Popular Post