අද 2017 නොවැම්බර් මාසයේ 23 බ්‍රහස්පතින්දා

ඔබට රැකියාව පිලිබදව ආදායම් පිලිබදව ස්වයං ව්‍යාපාරය පිළිබද තිබුණු සියලු දෝෂ නැති වෙනවා. විදේශගත වෙන්න භාග්‍යයක් උදා වෙනවා. ඉතා දුරදිග නොබලා වැඩ කටයුතු කිරීම තිබෙන අය. ස්වකිය අදහස් නොසඟවා ප්‍රකාශ කිරීම කරන අය. කරුණාවන්තභාවය දෙමාපියන්ට අඹුදරුවන්ට ලං වීම හිතවත් අයට ලං වීම සිදුවන දවසක්. ප්‍රමුඛයා වෙන්න උත්සහ කරනවා.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 01

විචක්ෂණශීලී ස්වභාවය මනා පෙනුම බුද්ධිමත් ලෙස කටයුතු කිරීම බුද්ධිමත්භාවය තියුණු තීක්ෂණ අන්දමින් සිතීම වැනි පැවැත්මක් පෙන්නුම් කරනවා. විදේශ භාෂා හදාරන්න විදේශගත වෙන්න අයදුම් පත්‍ර පිළියෙළ කර භාර දෙන්න කදිම දවසක්. සියලුම නිල ඇඳුම් අදින අයට උසස් වීම් ලැබීමේ භාග්‍ය වාසනාව හිමි වෙනවා. උනන්දුවෙන් වෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 09

ලේඛන ශක්තියට වෘත්තීය කිරීමේ හැකියාවට පිනට දහමට කැමති අය. ඔබ අද ගංගා ඇලදොළ මුහුදේ ස්නානය කරන්න එපා. නොදන්නා අය සමග විහිලු තහළු කිරීම කරන්න එපා. සුරතල් සතුන් සමඟ ඕනවට වඩා ගැවසීම ඉතා සුභයි. කඳු වල ගැවසීමෙන් ඉවත් වෙන්න. දුර ගමනක් යන්නේ නම් යන වාහනේ යන පුද්ගලයන් පිලිබදව මනා අවබෝධයකින් කටයුතු කරන්න. රියධාවනයේදී සැලකිලිමත් වෙන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 08

සැක සංකා තුල නිතර පිහිටීම අනවශ්‍ය බලාපොරොත්තු ඇති වීම අධිෂ්ඨාන නිතරම ජනිත කරවීමේ ශක්තිය තියෙන අය. ඔබගේ නිවසේ අඩදබරයක් අමනාපයක් තිබුණානම් ඒවා සුහදව බේරා ගන්න පුළුවන් දවසක්. අවිවාහක කෙනෙක් නම් ඔබගේ අනාගත සහකරු හෝ සහකාරිය ලැබීමට හැකි දවසක්. සිත හොද ගතිය මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස උතුරන දවසක්.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 07

සියලුම රෝග වලින් ප්‍රවේසම් විය යුතුයි. ඔබ අද නොපැකිලිව සත්‍ය ප්‍රකාශ කරන්නාවූ උසස් අයට අවංකව ගරු කරන අය වීමද පහත් තත්වයේ අයගෙන් ඉවත් වීමද උපකාරයට කැමති ඉතා ශ්‍රේෂ්ට අය වෙනවා. වාග් ශක්තිය අද ඇති වෙනවා. බොහෝ සංකීර්ණ විෂයන් සරල ලෙස අන් අයට පහදා දීමේ හැකියාව පවතිනවා. මුළුතැන්ගෙට අත්‍යවශ්‍ය යම් යම් දේවල් මිලදී ගන්න යන්නත් සුභයි. ඔබගේ සෞඛ්‍ය ගැන සිතන්නට ඕනා දවසක්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 06

කඩිසර ගතිය කල්පනා ශක්තිය නිර්මාණකරණය සමාජ සේවයට නැඹුරු වීම කණ්ඩායම් හැඟීම නව නිපැයුම් කිරීම කතා පැවැත්වීමට අති දක්ෂයි. පැරණි උපකරණ ලැබීමේ භාග්‍ය පවතිනවා. අතපසු වුණු වැඩ ආරම්භ කරන්න සුභයි. නිවාස කටයුතු ඉඩම් කටයුතු අධ්‍යාපන කටයුතු වලට සුභයි. සමීක්ෂණ වාර්තා පිළියෙළ කරන්නත් සුභයි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

රස මසවුළු ආහාර, සුව පහසු ස්ථාන වලට යාමට සිදු වෙනවා. ඉඩමක් නිවසක් වාහනයක් ගැන උනන්දු වන අයට ඒ ගැන හොයලා බලන්න සුභයි. වාස්තු දෝෂ පිළිසකර කරන්න කදිම දවසක්. සංගීතයට ඇලුම් කරන සියලු යුතුකම් මානව ඉටු කිරීම කණ්ඩායම් හැගීම් තියෙන යහපත් ගුණාංග තියෙන අය. වෙළඳාමටත් දක්ෂයි. ඔබගේ ආර්ථිකය ශක්තිමත් වේවි. සෞන්දර්ය කටයුතු වලට සුභයි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 04

පති භක්තිය දිවිහිමියෙන් කටයුතු කිරීම, අවංකභාවය, චපල නොවීම, ස්ථානෝචිත ප්‍රඥාව නීතියේ පිහිටෙන් කටයුතු කිරීමෙන් ස්වභාවය තියෙනවා. රජෙක් වගේ ඉන්න පුළුවන් දිනයක්. ආගමානුකුලව කටයුතු කරලා දවස ආරම්භ කරන්න. ඔබට ජනප්‍රියත්වය ඔබගේ නාමය කිර්තිය වැඩි වෙන්න පුළුවන්. තනතුරු ලැබීමේ භාග්‍ය පවතිනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 03

ප්‍රඥාව නායකත්වයට දක්ෂ වීම පාලන ශක්තිය ගැටළු විසදීමට දක්ෂ වීම විනය පරීක්ෂණ කිරීම නිදහස්භාවය ගරු කිරීම ගැඹුරු කල්පනා ශක්තිය ඔබගේ දවසට ඇති වෙනවා. ඔබ නිර්මාංශ ආගමනුකුල වැඩ කටයුතු කරන අයෙක් නම් ඔබට වාසනාව පවතිනවා.
ජය වර්ණය: තද ගුරු පැහැය ජය අංකය: 02

අනවශ්‍ය ගමන් නොයන සිත පාලනයට දක්ෂ අධිෂ්ඨාන ශක්තිය පුරාණ ශාස්ත්‍ර වලට ගරු කිරීම පරණ දේවල් වලට ප්‍රිය කිරීම ඇති වෙනවා. ආත්ම ශක්තිය ඇති වෙනවා. මව්පියන් සහෝදර සහෝදරියන් දරුවන් පිළිබද විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔබගේ ආරක්ෂාව පිලිබදව විශේෂයෙන් අවධානය යොමු කරන්න. සොර සතුරු රහස් සතුරු පිඩා ඇති වෙන්න පුළුවන්.
ජය වර්ණය: ලානිල් පැහැය ජය අංකය: 01

ආර්ථික තත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. මුදල් පසුම්බිය තුල සීමිත මුදලක් තබා ගෙන අරපරිස්සමෙන් වියදම් කරන්න. ණය ගණුදෙනු සිදු කරන්නට එපා. දුර ගමන් යාමෙන් වලකින්න. මත්පැන් වලින් ඉවත් වෙන්න. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට දක්ෂ වීම තරමක උඩඟු ගතිය මොලයෙන් කරන කටයුතු වලට දක්ෂ වීම සතුරන් මර්ධනයට රෝග වලට බය නැති වීම පිනට ලොල් වීම දවස තුල පවතිනවා. නොදන්නා වැඩ අද කරන්නෙපා.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 03

මසුරු ගතිය ඇති දිනයක්. මව්පියන් සම්බන්ධයෙන් දරුවන් සම්බන්ධයෙන් තමාගේ බිරිද ස්වාමියා සම්බන්ධයෙන් මසුරු වෙන්න එපා. සත්ව කරුණාව නායකත්වය මහා නායක අනු නායක මහාචාර්ය ආචාර්ය වීමේ බලය ඇති අය. අසුභ කාලය නිමා වෙනවා. ඔබට මනා ඉවක් ශක්තියක් ඇතිවන දවසක්.
ජය වර්ණය: තද කහ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829