ලංකාව වටේම තියෙන්නේ මුහුද. එ් නිසා ධීවර කර්මාන්තයට ලංකාවේ ප්‍රධාන තැනක් තියෙනවා. මේ දවස් වල නම් ධීවරයන්ට හොඳ කලදසාවක් උදා වෙලා තියෙන්නේ. පහුගිය දවස් ටිකේම වටිනා ලොකු මාළු අහුවුන අවස්ථා රට වටෙන්ම අාරංචි වුනා. කිලෝ 100 ය 200 යේ මාළු පහුගිය දවස්වල අහුවුනා.
එ් වගේ දුර්ලභ විශාල මාලුවෙක් අායෙත් සැරයක් ධීවරයින්ට අහුවෙලා තිබ්බා. බ්ලූෆින් ටූනා මාළුවෙක් තමයි මීගමුවේ ධීවරයින්ට අහුවෙලා තිබ්බේ. මේ මාළුවා කිලෝ 230 ටත් වඩා බරයි. එ් කියන්නේ වෙළදපොලේ රැපියල් කෝටි 2 කට වඩා වටිනවා. මේ බ්ලූෆින් ටූනා අල්ල ගත්ත බෝට්ටුව ඊයේ රෑ මීගමුව මංකුලිය ලෙල්ලමට අාවා.
ධීවරයින් කියන්නේ ලංකාවේ බහුලවම අහුවෙන්නේ යෙලෝ ටූනා කියලා. බ්ලූෆින් ටූනා කියන්නේ ඉතාම දුර්ලභ මාළුවෙක් කියලයි ඔවුන් කියන්නේ. කොහොම වුනත් මාළුවා ගොඩබිමට එන්නත් කලින් කෝටි දෙකකට වඩා වැඩි මුදලකට විකුණලා කියලයි අාරංචි වෙන්නේ. මේ නත්තල ධීවරයන්ට නම් ජයටම සමරන්න පුළුවන් වේවි.