News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

බංගලාදේශය එක්ක හතුරුසිංහ ගහපු ගිවිසුම් වල අවුල් ලිහන්න ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත් වෙයි.

1655 Views


බංගලාදේශය එක්ක හතුරුසිංහ ගහපු ගිවිසුම් වල අවුල් ලිහන්න ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත් වෙයි.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් භාර ගන්නවා කියන එක දැන් අලුත් දෙයක් නෙවෙයි. හතුරු කලින් වැඩ කරේ බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු විදියට. එ් නිසා එක පාරම ලංකාවේ පුහුණුකරු වෙන්න හතුරුසිංහට බෑ. එ් බංගලාදේශය එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙන නිසා. එ් නිසා පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා ලිහා ගන්න.

හතුරු පෙරේදා ලංකාවට අැවිත් තිබ්බා. එ් ඔහුගේ අම්මා අසනීප වෙලා ඉන්න නිසා. එ් අාව ගමන් ක්‍රිකට් අායතනය එක්ක සාකච්ඡා කරලා තිබ්බා. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එ් තිලංග සුමතිපාල මහතා බංගලාදේශ ක්‍රිකට් අායතනයට යවපු ලියුමක් ගැන කියන්න. හතුරුසිංහව බංගලාදේශය එක්ක ගහලා තිබ්බ ගිවිසුම් සම්පූර්ණයෙන් නිදහස් කරගෙන ලංකාවට ගන්න හතුරුගේ නීතිඥයින් එක්ක කතා කරනවා කියලා.

හතුරුසිංහ දෙසැම්බර් මාසයේ ඉදලා ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට වැඩ භාර ගන්න එක දැන් සථීර වෙලා තියෙන්නේ. එ් ඔහු බංගලාදේශය එක්ක තියෙන තරඟාවලියට සහභාගී වෙන්නේ නෑ කියලයි අාරංචි වෙන්නේ. එ් නිසා නිදහස් කුසලාන තරඟාවලිය තමයි හතුරුගේ පළවෙනි අභියෝගය වෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post