ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහුගිය කාලයේ වැටිලා තිබ්බේ. එ්ත් චන්දිමල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායම අායෙත් ඔලුව උස්සමින් ඉන්නවා. එ්ත් තරංගට භාර දුන්න එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් තාමත් නැගිටින පාටක් නම් පේන්න නෑ. එ් නිසා තරංගගේ නායකත්වය ඉවත් කරන්න පහුගිය දවස්වල පොඩි කසුකුසුවක් අැහුනා. එ් ගැන බොහොම විශ්වාස වන්තම අාරංචියක් අපිට ලැබුණා.
එළඹෙන ඉන්දීය සංචාරයත් එක්ක තරංග නායකත්වයෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා. එ් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණඩායම් වල නායකත්වය සදහා පුරප්පාඩුවක් අැති වෙනවා. ඉතාම විශ්වාසවන්තම අාරංචි මාර්ල වලින් අපිට දැන ගන්න ලැබුනේ එ් සදහා නිරෝෂන් දික්වැල්ලගේ සහ අැන්ජලෝ මැතිව්ස්ගේ නම් යෝජනා වෙලා තියෙනවා කියලා.
එළඹෙන ඉන්දීය සංචාරයත් එක්ක තරංග නායකත්වයෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා.එ් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණඩායම් වල නායකත්වය සදහා පුරප්පාඩුවක් අැති වෙනවා. ඉතාම විශ්වාසවන්තම අාරංචි මාර්ග වලින් අපිට දැන ගන්න ලැබුනේ එ් සඳහා නිරෝෂන් දික්වැල්ලගේ සහ අැන්ජලෝ මැතිව්ස්ගේ නම් යෝජනා වෙලා තියෙනවා කියලා.
නිරෝෂන් දික්වැල්ල කියන්නේ බොහොම ප්‍රවේගකාරී පිතිනරුවෙක් එ් වගේ අාක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් ඔහුට තියෙන්නේ. කඩුල්ල පිටිපස ඉඳගෙන කණ්ඩායම හැම වෙලේම මොරාල් කරනවා ඕනෑම කෙනෙක් දැකලා අැති. එ් නිසා දික්වැල්ලට නායකයෙක් වෙන්න ඕන සුදුසුකම් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි දික්වැල්ල තාමත් පරිණත ක්‍රීඩකයෙක් නෙවෙයි. එ නිසා ඔහුට වඩා මැතිව්ස්ට නායකත්වය ලැබීමේ වැඩි අවස්ථාවක් තියෙනවා. තරංගට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවුවේ මැතිව්ස්. නමුත් අන්තිම කාලයේදී එක දිගටම තරඟ පරාජය වුන නිසා ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වුනා.
කොහොම වුනත් තරංගගෙන් හිස්වන නායකත්වය නැවතත් මැතිව්ස්ට ලැබෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණ මැතිව්ස් අායෙත් නායකත්වය භාර ගනීවිද කියන ප්‍රශ්නයත් තියෙනවා.