News Line| Off Air
Generic placeholder image

Nov
24

අද ඔබ සැලසුමක් සහිතව ගත කල යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1497 Views


අද ඔබ සැලසුමක් සහිතව ගත කල යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 24 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.28 සිට 11.57

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

 

 

මේෂ ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් කටයුතු වල තිබුණු බාධා කම්කටොලු ස්වභාවය ඉවත් වෙනවා. කොමිස් මුදල් ලැබීම ආදී කටයුතු වලට ඉතාමත්ම යහපත්. වෙළදාම් කටයුතු වලට අලුත් යාළුවන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු දියුණු වෙනවා. කලාකාමී කටයුතු ශක්තිමත් වෙනවා. අසල්වාසීන් සමඟ කරන ගණුදෙනු කිරීම් වලින් යහපතක් උදා වෙනවා.                      

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 08

වෘෂභ ලග්නය

රිය ධාවනයේදී ඉහල නිලධාරීන් සමග ගණුදෙනු කිරීමේදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. සවස් යාමයේ වැඩිහිටියන්ගේ උදව් උපකාර මව්පස ඥාතීන්ගේ සහය පහසුවෙන් ලැබෙනවා. අසල්වාසීන්ගේ ආකර්ෂණය ඔබට හිමි වෙනවා. අන් අයගේ කැමැත්ත ඔබට දිනා ගැනීමේ වාසනාව පවතිනවා. පුණ්‍යවන්ත සිතුවිලි පහල වෙනවා. පුණ්‍යවන්ත ගමන් යන්නත් ඔබට ආරාධනා ලැබෙනවා. කායික ශක්තිය උදා වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා.                        

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 03

මිථුන ලග්නය

චිත්ත පීඩා, මානසික අසහනකාරී ස්වභාව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කායික ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරන්න. යාළුවන්ගෙන් බාධා ඇතිවිය හැකියි. හවුල් ව්‍යාපාර කටයුතු සමාජ ගෞරවයට හානි වෙන කටයුතු වලට ලක් විය හැකියි. බොහෝ ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. වියදම් පාර්ශවයත් තරමක් ඉහල යනවා. කායික ශක්තිය නිරෝගී සුවය පිලිබදව අවධානය යොමු කරන්න. මෝර පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය: රෝස පැහැය              ජය අංකය: 09

කටක ලග්නය

කායික ශක්තිය වර්ධනය වෙන දවසක්. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. කලාකාමී කටයුතු දියුණු වෙනවා. පරිපාලන හැකියාවන් වර්ධනය වෙනවා. අදහස් ඇති වෙනවා.                       

ජය වර්ණය: ලා කහ පැහැය                                    ජය අංකය: 03

සිංහ ලග්නය

අද දවස ඔබ බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. උගත් කමට නම් පුංචි පුංචි බාධා ඇති වෙනවා. තරඟකාරී කටයුතු අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගන්න වාසනා ශක්තිය පැවතීම වඩාත් වැදගත් වෙනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. පාද ඇස් ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. ආමාශගත රෝග තත්වද ඇතිවිය හැකියි. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධාවන් ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය               ජය අංකය: 04

කන්‍යා ලග්නය

මානව සැලසුම් කිරීමෙන් බොහෝ දේවල් දිනා ගන්න පුළුවන්. වචන භාවිතා කිරීමෙන් අන් අයව වසඟයට පත්කර ගන්නවා. ඒ නිසාම ඔබේ අරමුණු ඉටු කරගත හැකි වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිත බාධා ඇති වුනත් ගෙදරදොරේ කටයුතු දියුණු කර ගන්නත් හැකියාව පවතිනවා. දෛනික කටයුතු කැපවීමෙන් සහ මහන්සියෙන් සාර්ථක වෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී ප්‍රවේසම් විය යුතුයි. කේන්ති සහගත සිතුවිලි පාලනය කරගත යුතුයි.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 02

තුලා ලග්නය

සන්නිවේදන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. වගකීම් ඔබේ කර මතට පැවරෙනවා. ඉහල නිලධාරීන් ඔබ පිලිබදව ප්‍රසාදයට ලක් වෙනවා. රහසිගත සතුරු කරදර ඇතිවිය හැකියි. කල්පනාකාරීව සැලසුම් සහගතව කටයුතු කරන්න. වෘත්තිමය කටයුතු කරන ස්ථාන ආශ්‍රිතව ගමන් බිමන් යෙදෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. පපුව ආශ්‍රිතව ආමාශගත රෝග තත්ව ඇති වෙන්න පුළුවන්. සන්නිවේදන කටයුතු වලදී ඉවසිලිවන්ත වෙන්න. මුල්‍ය පරිපාලන කටයුතු වලදී මනා පරිපාලනයක් පවත්වා ගන්න.                        

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

අනවශ්‍ය පීඩාකාරී ස්වභාව රැසක් ඔබට ඇති වෙනවා. අන් අයත් සමග කරන ගණුදෙනු කිරීම් වලදී අවලාද අපහාස උපහාස වගේ දේවල් ඇති වෙනවා. නොකළ වැරදි වලට පවා දඩුවම් ලැබෙන්න පුළුවන්. ආයතනික වෙනස් වීම් කරන්න ඔබ තුල කැමැත්තක් ඇති වෙනවා. ඔබගේ වාසස්ථානය හෝ වෙනස් කරන්න උත්සහ කරනවා. ඔබ වඩා කැමති පුද්ගලයා සමග කාලය ගත කරන්න උත්සහ කරනවා. යහළුවන්ගෙන් අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් පවා උපකාර ලැබෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු යාන වාහන අලෙවි කිරීම් වැනි කටයුතු යන්ත්‍රෝපකරණ අලෙවි කිරීම් වැනි කටයුතු වලින් යහපතක් උදා වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 03

ධනු ලග්නය

කලාකාමී කටයුතු දියුණු වෙනවා. සන්නිවේදන කටයුතු වලට බාධා ඇති වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලට ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. වගකීම් පැවරෙනවා. අධික කාර්යබහුලතාවයක් ඇති වෙනවා. ඔබේ නිවසින් බාහිරව කටයුතු කිරීමට සිදු වෙනවා. මනසට පීඩාකාරී ස්වභාවයක්, ප්‍රේමනීය සබදතා වලට බාධාකාරී තත්වයක් නිර්මාණය වෙනවා. අසල්වාසීන්ගේ උපකාර තරමක් අඩුවෙන් හිමි වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                     ජය අංකය: 07

මකර ලග්නය

කලාකාමී කටයුතු දියුණු වෙනවා. ජවසම්පන්න කටයුතු දියුණු කරගන්න පුළුවන්. දුරබැහැර ගමන් බිමන් යෙදෙනවා. එවැනි ගමන් බිමන් වලින් සාර්ථක වෙනවා. ආයෝජන කටයුතු වලට යාළුවන් සමග අදහස් හුවමාරු කරගන්න. ජලාශ්‍රිත පරිසර වලින් යම් ලාභයක් වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 01

කුම්භ ලග්නය

සෞඛ්‍ය පීඩා නිවාස වලින් ඇතිවන පීඩා බාධාකාරී තත්ව නිර්මාණය කරනවා. ගැටුම් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත්. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් යම් පාඩුවක් ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                       ජය අංකය: 09

මීන ලග්නය

ඔබගේ ශක්තිය වර්ධනය වෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. ගෙදරින් බාහිර කටයුතු වලින් ධන වාසනාව උදා වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. ප්‍රේමනීය හැගීම් වර්ධනය වෙනවා. දුරදිග බලන්නේ නැතුව තීන්දු තීරණ ගන්න පෙළඹෙනවා. මනසට පීඩා ඇති වෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 03

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353 


News Articles
Latest Videos
Most Popular Post