News Line| Off Air
Generic placeholder image

Nov
24

අහසේ ඩ්‍රෝන් යවපු කාලේ ඉවරයි. ඉස්සරහට ඩ්‍රෝන් යවන්න වෙන්නේ මුහුදේ. – VIDEO සහිතයි.

1685 Views


අහසේ ඩ්‍රෝන් යවපු කාලේ ඉවරයි. ඉස්සරහට ඩ්‍රෝන් යවන්න වෙන්නේ මුහුදේ. – VIDEO සහිතයි.

ඡායාරූප ශිල්පයේ අලුත්ම Trend එක තමයි ඩ්‍රෝන් කැමරා කියන්නෙ. නිදහසේ අහස පුරා ඩ්‍රෝන් යවලා ලස්සන ඡායාරූප ගන්න එක දැන් වෙනම කලාවක්. හැබැයි මේච්චර කාලයක් ඩ්‍රෝන් යානා ගියේ අහසේ විතරයි.

එත් මුහුදේත් ගමන් කරන්න පුළුවන් ඩ්‍රෝන් යානයක් නිපදවලා තියෙනවා. මේ ජලරෝධක ඩ්‍රෝනය හදුන්වන්නේ “බබ්ල්” (Bubble) කියලා. මේ ඩ්‍රෝනයට අඩි 200 ක් දකවා ගැඹුරට ජලයේ යන්න පුළුවන්. එ් වගේම නොකඩවා පැයක් ජලයේ ධාවනය කරන්නත් පුළුවන්. පැයට කිලෝමීටර් 3.5 ක වේගයෙන් ජලයේ ගමන් කරන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

ලෝකයේ සාගර ඩ්‍රෝන යානයක් නිපදවපු පළවෙනි වතාව මේක. මේක තාම වෙළදපොළට නම් නිකුත් කරලා නෑ. එ්ක 2018 ජූලි වෙද්දී වෙළදපොළට නිකුත් කරනවා කියලයි නොට්ලෝ ප්ලස් සමාගම කියන්නේ. සාමාන්‍යයෙන් රැපියල් ලක්ෂ 4 ක් විතර මිලකට තමයි ඔබට මේ ඩ්‍රෝනය ගන්න වෙන්නේ.

VIDEO පහතින්…

https://youtu.be/v8hBZQ68ccE

 

https://youtu.be/a4G3Y65R64g


News Articles
Latest Videos
Most Popular Post