News Line| Off Air
Generic placeholder image

Nov
24

ඇඟ විනිවිද දකින්න පුළුවන් තරුණියක් රුසියාවේ. – VIDEO සහිතයි.

1890 Views


ඇඟ විනිවිද දකින්න පුළුවන් තරුණියක් රුසියාවේ. – VIDEO සහිතයි.

මිට අවුරුදු 110 කට විතර කලින් ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයෙක් වුන විල්හෙල්ම් රොන්ජන් කිවුවා, ජීවීන්ගේ අභ්‍යන්තරය දැක බලාගන්න පුළුවන් අදෘෂ්‍යමාන විකිරණයක් ඔහු හොයාගත්තා කියලා. එත් සමහරු කිව්වේ එක මිත්‍යාවක්, බොරුවක් කියලයි. එත් පස්සේ කරපු පර්යේෂණ වලින් එක අතිවිශිෂ්ඨ සොයාගැනීමක් කියලා හෙළිවුණා. ඉතින් ඊට අවුරුදු 6 කට පස්සේ ඔහුට නොබෙල් ත්‍යාගයත් හිමිවුණා.

ඔන්න දැන් මේ විදිහේ තවත් කෙනෙක් ඉන්නවා රුසියාවේ. ඇයගේ නම නතාෂා ඩෙම්නිකා. වයස අවුරුදු 17ක්. ඇය කියන්නේඇයට එක්ස් කිරණ වගේ පෙනුමක් තියෙනවා කියලා. X – Ray Machine වලට වඩා පැහැදිලිව තමන්ට මිනිස් සිරුරේ අභ්‍යන්තරය දකින්න පුළුවන් කියලයි ඇය කියන්නේ.

2004 අවුරුද්දේ මාර්තු මාසේ ඩිස්කවරි නාලිකාවෙන් ඇය ගැන විශේෂ වාර්තා වැඩසටහනක් කළා. ඔවුන් කලේ, විද්‍යාඥන් ඒ වගේම විශේෂඥ දොස්තරවරුන් මඟින් ඇය කියන්නේ ඇත්තක්ද කියල හොයා බලන එක. ඔවුන් කියන්නේ නතාෂා පාවිච්චි කරන්නේ කෝල් රීඩින්ග් (Call Reading) විදිහට හඳුන්වන සරළ ක්‍රමයක් කියලයි. ඒ කියන්නේ, නතාෂා සතුව අසාමාන්‍ය බලයක් තියෙනවා කියල කැමැත්තෙන් පිළිගන්න අයට විතරක් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා කියල.

නතාෂා කරන්නේ, ඇය ලඟට එන රෝගීන්ව ඔලුවේ ඉඳන් කකුල් දෙක වෙනකන් පරික්ෂා කරලා, ඔවුන්ගේ රෝගය ගැන කියන එක. මේ වෙද්දී ඇයට අනුගාමිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න විද්‍යාඥයින්, විශේෂඥ දොස්තරවරුන් එකතුවෙලා විශේෂ පරීක්ෂණයක් කළා. උකුලේ කෘතීම සන්ධියක් සවි කරපු කෙනෙක්, පපුවේ ලෝහ ස්ටේපරයකින් අස්ථි සවි කරපු කෙනෙක්, හිස් කබලේ ඉවත් කරපු කොටසක් වෙනුවට ලෝහ තහඩුවක් සවි කරපු කෙනෙක්, වගේ එක එක සැත්කම් වලට මුහුණදීපු 06 දෙනෙක් ඇය වෙතට යැව්වා. ඊට පස්සේ ඇයට සිද්ධ වුනේ ඔවුන්ට කරලා තියෙන සැත්කම් මොනවාද කියල කියන එක. කොහොම හරි ඇයට ඉදිරිපත් කරපු පුද්ගලයක් 6 දෙනාගෙන් 4 දෙනෙක්ගේ සැත්කම් ඇය නිවැරදිව හඳුනගෙන තිබුනා. එත් හිස් කබලේ සැත්කමක් කරපු කෙනාව කොහොමටවත් ඇයට හඳුනගන්න බැරි වුනා. එත් 6 න් 4 ක්ම අඳුරගන්න පුළුවන් වුන එක සාධනීය මට්ටමක් කියලයි ඇයට මේ අභියෝගය භාර දුන්න විද්‍යාඥයින් නම් කියන්නේ.

 

මේ තියෙන්නේ විද්‍යාඥයින්, විශේෂඥ දොස්තරවරුන් එකතුවෙලා නතාෂාව පරීක්ෂණයකට භාජනය කරපු අවස්ථාව. 

https://youtu.be/fyWPueGUa3E


News Articles
Latest Videos
Most Popular Post