නතාෂා, ප්‍රිහාන් එක්ක ආපහු ලංකාවට ආවේ ඇයි?
2600 Views
“සුළඟක් වී මං එනවා” සින්දුව එඩ්වඩ් ජයකොඩි මහත්මයා එක්ක කියපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය නතාෂා පෙරේරා. නතාෂා කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්. “යායට පායනා” සින්දුව ප්‍රිහාන් එක්ක ගායනා කරලා, පස්සේ කාලෙක ඔහුගේ බිරිඳ වුනේ ඇය. ඉතින් කාලයක් අපට අයව දකින්න නොලැබුණේ විදෙස් ගතවෙලා හිටපු නිසා. ඔන්න දැන් ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්න නතාෂා, ඇයගේ අලුත්ම විස්තර සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙහෙමයි.
- නතාෂා ලංකාවෙන් ගියේ ආයේ කවදාවත් ලංකාවට නොඑන්නද කියලා රසිකයන් විමසනවා ?
මම කොහොමද ලංකාවට එන්නේ නැතිව ඉන්නේ. මේ මගේ රට. මගේ අම්මා. රසිකයන් ඉන්නේ මෙහේ. ඒ හින්දා මට ලංකාවට නෑවිත් ඉන්න බැහැ.
- ඒ කියන්නේ ආයෙ කවදාවත් ලංකාව හැරදාලා යන්නේ නැහැ…
නැහැ. මට ආයෙම යන්න වෙනවා.
- නතාෂා පසුගියදාක නීතිඥවරියක් විදියටත් දිවුරුම් දුන්නා නේද?
ඔව්. දැනටත් මම රැකියාව විදියට තෝරාගෙන තියෙන්නේ නීති ක්ෂේත්‍රය තමයි.
- ඕස්ට්‍රේලියාවේද?
ඔව්. අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මම එහේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් තමයි කරන්නේ.
- එතකොට ප්‍රිහාන්?
ප්‍රිහාන් එයාගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ හින්ද නිතරම ලංකාවට එනවා.
- නතාෂා රංගනය, ගායනය නිවේදනය වගේම නිරූපණය තුළත් රැඳී සිටියා. දැන් ඒ පිළිබඳ ලොකු ආශාවක් නැද්ද?
නිරූපණය තුළ මම කළේ Photo Shoot වලට ඉන්න එක විතරයි. මේ වතාවේ ලංකාවට ආවට පස්සෙත් මනාලියන් දැක්මක් සඳහා ඡායාරූපවලට පෙනී සිටියා. අනෙක් කලා කටයුතුවලට නම් දායක වුණේ නැහැ.
- ආයෙමත් ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?
ආරාධනා නම් රැසක් ලැබුණා. ඒත් හොඳ නිර්මාණ තිබුණේ නැහැ. ඒ හින්දා තමයි දායක වුණේ නැත්තේ. ගීතයක් කරන්න නම් අදහසක් තියෙනවා.
- ප්‍රිහාන්ගේ අලුත් නිර්මාණයන් ළඟදී අහන්නට ලැබුණෙත් නැහැ…
ප්‍රිහාන්ගේ “යායට පායනා” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් ඉන් පසුව ප්‍රිහාන් අලුත් නිර්මාණ මොකුත් කළේ නැහැ. අපි ඊළඟ වතාවේ ලංකාවට ආවම අපි දෙන්නාගේම අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.