News Line| Off Air
Generic placeholder image

Nov
24

ඉන්දියාව තුල පළමු ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකාව යළිත් පිටියට.

1548 Views


ඉන්දියාව තුල පළමු ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකාව යළිත් පිටියට.

වැස්සට පිං සිද්ධ වෙන්න පළවෙනි තරඟය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්ත ලංකාව අද දෙවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනවා. එ් නාග්පූර් විදර්බා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට අාරම්භ වෙනවා. තරඟයට කලින් අද දෙපිළටම වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි බැලුවා.

පළවෙනි ටෙස්ට් තරඟයේදී වැස්ස මැද්දේ වුනත් පළමු ඉනිම සියතට ගන්න ලංකාවට පුළුවන් වුනා. එ් වුනත් දෙවෙනි ඉනිමේදී නැවතත් තරඟය තමන්ගේ දිශාවට හරවා ගන්න ඉන්දියාව සමත් වුනා. කොහොම වුනත් දෙපිළම අද තරඟයේ ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි පිටියට එන්නේ. තරඟාවලිය ජය ගන්න නම් මේ තරඟය දිනන එක කණ්ඩායම් දෙකටම අනිවාර්ය වෙනවා.

ඉන්දියාව, ලංකාවේ තරඟාවලියෙන් පස්සේ දකුණු අප්‍රිකාවේ සංචාරයකට යනවා. ඒ නිසා වේග පන්දු යවන්නන්ට සුදුසු තණතිල්ලක් අද ලැබේවි කියලා විශ්වාස කරනවා. නමුත් තුන්වන දවස වෙන කොට දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි අත්වෙන්න පුළුවන්. එ් නිසා ලක්මාල් සහ දසුන්ගේ දායකත්වය ඉහළින්ම ලබාගන්න වෙනවා. කොහොම වුනත් දෙවෙනි ඉනිම වෙද්දී දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි තියෙන නිසා ළහිරු ගමගේ වෙනුවට ලක්ෂාන් සඳකැන්ට අවස්ථාවක් දුන්නා නම් තමයි හොද. හේරත් සහ දිල්රැවන් කණ්ඩායමේ ඉන්න එක ලංකාවට තවත් ශක්තියක් වෙනවා.

ලංකාවේ පිතිකරුවන් අතරින් වැඩිම අත්දැකීම් තියෙන්නේ මැතිව්ස්ට. ඔහු පළවෙනි තරඟයේ ලකුණු අතරට අාපු එක ලංකාවට ලොකු වාසියක්. එ් වගේම සදීර සහ දිමුත් හොඳ අාරම්භයක් ලබා ගැනීම ලංකාවට අතිශය වැදගත් වෙනවා. පළවෙනි තරඟයේදී අර්ධ ශතක වාර්තා කරපු ලංකාවේ ක්‍රීඩකයන් 4 දෙනාගෙන් 2 ක් වත් ශතක ලබා ගන්න උත්සහා කරන්න ඕන.

කාසිය වාසියත් අද තරඟයේ තීරණාත්මක සාධකයක්. ලංකාව කාසියේ වාසිය දිනා ගත්තොත් මුලින්ම ලකුණු රැස් කරන එක වඩාත් සුදුසුයි. එ් වුනත් හොඳ තරඟයක් දෙන්න නම් ලකුණු 400 ක් වත් ලබා ගන්න වෙනවා.

ඉන්දියාව අද තරඟයට එන්නේ වෙනස් කම් දෙකක් එක්ක. ඒ පළවෙනි තරඟයේ හොඳින්ම දස්කම් දක්වපු බුවනේශ්වර් සහ ධවාන් නැතුව. ශිකර් ධවාන් වෙනුවට මුරලි විජේ අද තරඟයට එකතු වෙනවා. එ් නිසා ලංකාවට ධවාන්ගේ ඉවත් වීම ගැන සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. කොහොම වුනත් අදත් කරට කර තරඟයක් බලා ගන්න පුළුවන් වේවි. පළවෙනි තරඟයේ වගේ ඉහළ දක්ෂතා පෙන්නන්න ලංකාවට අදත් හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු.


News Articles
Latest Videos
Most Popular Post