මීට සතියකට කලින් චීනයේ තමයි මේ සැත්කම කලේ. මේක කරන්න පැය 18 ක් ගතවුනා. (ෂියෝපින් රෙන්) Xiaoping Ren කියන දොස්තර මහත්මයා තමයි මේ සැත්කම කරලා තිබුනේ. මේ වැඩේ කරන්න කලින් ඔහු ගිය අවුරුද්දේදී වඳුරු හිස් බද්ධයකුත් කරලා තියෙනවා. මෙම මිනිස් හිස් බද්ධය කලේ නම් පණ තියෙන මිනිස් හිසක් යොදාගෙන නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ, පණ තියෙන කෙනෙක්ගේ හිස බද්ධ කරන්න කලින් ස්නායු,
කොඳු ඇට පෙළ සහ රුධිර නහර සාර්ථකව බද්ධ කරන්න පුලුවන්ද කියල දැනගෙන ඉන්න ඕන නිසා. ඉතින් අවධානමක් නැතුව මේක කරන්න පුළුවන් මියගිය කෙනෙක්ගේ හිසක් මේකට ගත්තොත් විතරයි.
ඉතාලි විද්‍යාඥයෙක් වෙන මහාචාර්ය (සර්ජියෝ කැනවරෝ) Sergio Canavero වල තිබුන සම්මන්ත්‍රණයකදී තමයි මේක කිව්වේ. මෙහිදී කොඳු ඇට පෙළ, ස්නායු සහ රුධිර නාල ඉතාමත් සාර්ථකව හා ක්‍රමවත්ව බද්ධ කරා කියලත් ඔහු මෙහිදී කිව්වා. ඒ බව ඉලෙක්ට්‍රිකල් ස්ටිමියුලේෂන් මඟිනුත් තහවුරු වෙලා තියෙනවා කියලා ඔහු වැඩි දුරටත් කිව්වා. මීට කලින් මීයන්ගේ හිස් බද්ධ කිරීමක් සාර්ථකව සිදුකලා. එත් ඒ සැත්කමෙන් පස්සේ මීයන්ගේ පෙනීම, වේදනාව දැනීම යහපත් තත්වයක තිබුනත් මීයන් ජිවත් වෙලා තිබුනේ පැය 42 ක් විතරයි.
හිසේ බද්ධය කරන්න කලින් ඒ හිස වෙනත් සිරුරකට සවි කරලා, ඒ හිසට රුධිරය දෙන්න විශේෂිත ක්‍රමයක් එක්ක සිලිකන් නල පාවිච්චි කරලා තිබුනා. කොහොම වුනත් මේ විදිහේ බද්ධයක්, මිනිසුන් යොදාගෙන කරන එක නම් සදාචාර සම්පන්න නැහැ කියල තමයි ගොඩක් දෙනා මත පළකරන්නේ. විද්‍යාඥයින් කියන්නේ කපා වෙන්කරපු කොඳු ඇට පෙළක් බද්ධ කරන්න මේ වෙනකොට කවුරුත් සාත් වෙලා නම් නැහැ කියලයි. හැබැයි ඒ විදිහේ වැඩක් කරන්න පුළුවන් වුනත්, කලින් තිබුන මතකය, බුද්ධිය සහ පෞර්ෂය අලුත් ශරීරයට ලැබෙන්නේ නැහැ. මීට කලින් කරපු වඳුරු හිස් බද්ධය සාර්ථකව සිදුකලත් ඒ වඳුරාගේ කලින් තිබුන සිහිබුද්ධිය ආපහු ගන්න බැරි වෙලා තියෙනවා. සිහිබුද්ධිය යම් දුරකට තිබුනත් ශරීරය අප්‍රාණික වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි කියලයි විද්‍යාඥයන් කියන්නේ.
පැහැදිලි කරන VIDEO එක පහතින්.
https://youtu.be/Z7gaHQHvseM