News Line| Off Air
Generic placeholder image

Nov
25

“කොල්ලෙක් උඩු කය නිරුවතින් ගියාම ඔහොම කතා වෙනවනම්, කෙල්ලෙක් කොටට ඇදන් ගියාම කියන දේවල් ගැන පුදුමයක් නෑ. මං එහෙම කරේ ඔට්ටුවකට ” – ටවල් එකක් ඇදගෙන නුගේගොඩ Town එකේ ඇවිදපු තරුණයා මුල් වරට හෙළි කරයි.

3691 Views


“කොල්ලෙක් උඩු කය නිරුවතින් ගියාම ඔහොම කතා වෙනවනම්, කෙල්ලෙක් කොටට ඇදන් ගියාම කියන දේවල් ගැන පුදුමයක් නෑ. මං එහෙම කරේ ඔට්ටුවකට ” – ටවල් එකක් ඇදගෙන නුගේගොඩ Town එකේ ඇවිදපු තරුණයා මුල් වරට හෙළි කරයි.

නුගේගොඩ හන්දියෙ ටවල් එකක් ඇඳන් පාරෙ ගිය තරුණයෙක් ගැන ලොකූ කතා බහක් පහුගිය කාලේ සමාජ ජාල අඩවිවල ඇතිවුනා. සමහරු මේ තරුණයාව විවේචනය කරනකොට තවත් අය මේ තරුණයාව අගය කළා. තවත් සමහරු තරුණයාගේ ඇඟ ගැන කතා කළා. ඉතින් පළමු වරට මේ තරුණයා සහභාගී වුනු සම්මුඛ සාකඡ්චාවක් තිබුනා. මේ තියෙන්නේ ඔහු ඒ අහපු ප්‍රශ්ණ වලට දුන්න උත්තර.

ප්‍රශ්ණය – දමිත් මොනවද කරන්නෙ?

පිළිතුර – මම රැකියාව කරන්නෙ ගුවන් සේවා ආයතනයක. ඊට අමතරව සංචාරක අංශයට සම්බන්ද ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒත් මේ දවස්වල මගේ ප්‍රධානම ව්‍යාපෘතිය වෙන්නෙ අපේ රටේ වනාන්තරවලට සිද්ද වේගෙන යන විනාශය පුළුවන් තරමකින් හරි අවම කරන්න රිෆොරස්ටින්ග් නැත්තං නැවත ගස් සිටුවීමෙන් වනාන්තර පළල් කිරීමේ උත්සාහයක්.

ප්‍රශ්ණය – මොකක්ද මේ ටවල් එකක් ඇඳන් බස් එකක ගිය කතාව?

පිළිතුර – ඒක සරල සිදුවීමක්. මගේ යාලූවො ටිකක් මට ඔට්ටුවක් ඇල්ලූවා පුළුවන් නම් බස් එකක ටවල් එකක් ඇඳන් යන්න කියල. මට ඇත්තටම ඒකෙ කිසි ප්‍රශ්නයක් පෙනුනෙ නෑ. මොකද එතන කිසි අසභ්‍ය දෙයක් නෑනෙ. එකම දේ තමන්ට තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය. මං ඒක චැලෙන්ජ් එකක් විදිහට බාරගත්තා. කොහොමත් ජීවිතේ කියන්නෙ හුගක් සරලව විනෝදයෙන් බාරගන්න ඕන එකක් කියලයි මං හිතන්නෙ.

ප්‍රශ්ණය – එතකොට මොකද වුනේ?

පිළිතුර – මං නොහිතපු විදිහට පාරෙදි තොටේදි මිනිස්සු කලබල වෙලා මං දිහා බලන්න පටන් ගත්තා. බස් එකකට නැග්ගත් ඔරවලා බලන මිනිස්සු හිටියා. තව කීප දෙනෙක් මට ඇවිල්ලා පොඩි තර්ජනයකුත් දැම්මා, බස්වල ඔහොම යන්න බෑ කියල. (සිනාමුසුව)

ප්‍රශ්ණය -දමිත්ට මොකද හිතුනෙ?

පිළිතුර – මට හිතුනා අපේ මිනිස්සු පුදුම විදිහට කොටු වෙලා කියල. කවුරු හරි පිරිමියෙක් උඩුකයට ඇඳුමක් නැතුව ගියත් කලබල වෙන රටක ගෑණු කෙනෙක් කොට ඇඳුමක් ඇන්දත් කලබල වෙන එක පුදුමයක් නෙමෙයි. කොයිතරම් තාක‍ෂණය ආවත් අපි තාම හිතන්නෙ පරණ විදිහට. පරණ කියන්නෙ අපේ පරණ සිංහල මිනිස්සු විදිහට නෙමෙයි. මොකද අපේ සංස්කෘතියෙ ඔය විදිහට මිනිස් ශරීරය දැක්කම කලබල වෙන ගතියක් තිබුනෙ නෑ. මේක වික්ටෝරියානු බලපෑමෙන් පස්සෙ වෙච්ච දෙයක්. සුද්දො වෙනස් වුනාට සුද්දො දාලා ගිය අපි වෙනස් වෙලා නෑ.

ප්‍රශ්ණය – දමිත් හිතන්නෙ මේක නිදහස කියලද?

පිළිතුර – තව කෙනෙකුට කරදරයක් හිංසාවක් නැත්නම් කෙනෙකුට තමන් කැමති විදිහට අඳින්න පළඳින්න ජීවත්වෙන්න නිදහස තියෙන්න ඕනි. අනිත් එක මං කොහොමත් මනුස්ස ශරීරය දකින්නෙ හරිම ලස්සන නිර්මාණයක් විදිහට. මේක ඇඳුම්වලින් වහගෙන හංගගත්තට පස්සෙ අපි අපේ ශරීරයට දක්වන සැලකිල්ල පවා නැති වුනා. කන බොන විදිහ, ජීවත්වෙන විදිහ තනිකරම සෞඛ්‍යයට හිතකර නැති එකක් වුනා. දැන් ඇත්තටම අපිට ඇඳුම් අඳින්න වෙලා තියෙන්නෙ සීතලෙන් ආරක්ෂාවට නෙමෙයි. කැත විදිහට එලියට නෙරලා ඇවිත් තියෙන, අපේ නිරෝගී නැති ශරීරවල කැත වහගන්නයි. ඇත්තටම මිනිස්සු ෂර්ට් නැතුව පාරෙ ගියා නම් සමහර විට තමන්ගෙ ඇ`ගවල් ගැන මීට වඩා හිතයි.

ප්‍රශ්ණය – මොකද්ද මේ නිතර කියන සෞඛ්‍ය සම්පන්න ජීවිතේ?

පිළිතුර – මං කලින් කිව්වා වගේ ස්වභාව ධර්මයට කිට්ටු ජීවිතයක් තමයි මං අගය කරන්නෙ. එතනදි ගහකොල සත්තු වගේම අපේ ශරීරයත් අදාලයි. මේ ශරීරය ඒකට ගරුත්වයක් ඇතුව පවත්වාගෙන යන්න ඕනි. ඇත්තටම දැන් අපි මුහුන දෙන ලෙඩරෝග ගොඩකටම මුල අපි ශරීරය ගැන නොසලකා හැරීම. කන බොන දේ වගේම ව්‍යායාම කරන එකත් ශරීරයේ යහපැවැත්මට අවශ්‍යමයි. මං මගේ ජීවිතේ පලවෙනි තැන දෙන්නෙ මගේ ශරීරය නිරෝගීව වගේම ලස්සනට පවත්වාගෙන යන්න. මට මගේ ඇග කියන්නෙ ආර්ට් පීස් එකක් වගේ. මගේ මාංශපේශි මට ඕන විදිහට හැඩගැහිලා එද්දි මට ආත්ම තෘප්තියක් දැනෙනවා. ඒ වගේම ලොකු ආත්ම විශ්වාසෙකුත් ගොඩනැගෙනවා. ශරීරයක් නිරුවතින් හරි අඩනිරුවතින් හරි දැක්කම ගොඩක් අයට එන තිගැස්ම ආත්ම විශ්වාසයේ ප්‍රශ්නයක්.

ප්‍රශ්ණය – ව්‍යායාම කරන එක නම් ඔබේ දිනපතා කොටසක් වග පේනවා.

පිළිතුර – මං සමහර වෙලාවට කල්පනා කරනවා අපේ නිරෝගීව හොඳට හැදුන ශරීරයක් කියන්නෙ ඇත්ත මහන්සියෙ වගේම කොන්ෂස් ලිවින්ග් කියන එකේ සාක්කියක් කියල. මොකද වෙන ඕනම දෙයක් අපිට සල්ලි වලට ගන්න පුළුවන්. වෙන කෙනෙකුට කියල අපි වෙනුවෙන් කරගන්න පුළුවන්. ඒත් නිරෝගී ශක්තිමත් ශරීරයක් කියන්නෙ අපිට අපේ මහන්සියෙන් කැපවීමෙන් උපයාගන්න පුළුවන් දෙයක් විතරයි. ඒක වෙන කෙනෙකුට ගන්න හෝ පවරන්න පුළුවන් දේකුත් නෙමෙයි.

කවුරු මොනවා කිව්වත් දමිත් ජීවිතේ දිහා බලන සිම්පල්, පොසිටිව් විදිහත්, ආත්ම විශ්වාසයත් අපි ගොඩක් අගය කරනවා.

උපුටා ගැනීම – GOYO


News Articles
Latest Videos
Most Popular Post