News Line| Off Air
Generic placeholder image

Nov
26

“එයාට මුල මතකයි. එයා සල්ලි පස්සේ යන්නේ නෑ” – පියුමි හංසමාලි ගැන දයාන් විතාරණ කියන කතාව මෙන්න.

2650 Views


“එයාට මුල මතකයි. එයා සල්ලි පස්සේ යන්නේ නෑ” – පියුමි හංසමාලි ගැන දයාන් විතාරණ කියන කතාව මෙන්න.

පියුමි හංසමාලිගේ උපන්දිනය පහුගිය දවසක උත්කර්ෂවත් විදිහට සැමරුවා. ඒ කොළඹ ප්‍රධාන පෙලේ කොළඹ 5හේ හෝටලයකදී . මේ උපන්දින උත්සවයට ලංකාවේ ජනප්‍රිය අය ගොඩක් දෙනෙක් සහභාගී වුනා. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත Photos සියත 24 ගැලරිය හරහා අපි ඔබට ගෙනාවා.

මේ කියන්න යන්නේ ඇයගේ උපන්දිනයට සුභපැතුම් එක් කල අය අතරින්, ඇයට අපූරු සුභ පැතුමක් එක් කල කෙනෙක් ගැන. ඔහු ප්‍රවීණ ගායක දයාන් විතාරණ මහතා. දයාන් විතාරණ, පියුමිට සුභපැතුම් එක් කරලා තිබුනේ ඔහුගේ Facebook පිටුව හරහා. ඒ වගේම ඔහු ඇයට සුභපැතුමට අමතරව අපුරු ප්‍රසංශාවකුත් කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ Facebook සටහන.

පියුමිට හසකැන් ගෙනෙන සුවිසෙස් උපන් දිනක් …නව පරපුරේ ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි සිය 25 වැනි උපන් දිනය සමරන්නීය .ඇය ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ ඇගේ ඡායාරූප රැසක් මා ගනු ලැබූ අතර ඇගේ මුහුණේ හැඩ තළ ඡායාරූප වලට ඉතා මනරම් ලෙස හසුකර ගත හැකි බව මට වැටහිණි .ඉන් අනතුරුව ඇය ටෙලි නාට්‍ය ,වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළ ඉතා ජනප්‍රියත්වයට පත් වුවාය .එසේම ඇය බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ චරිතයක් වුවාය .පියුමි ගැන මා දන්නේ මෙපමණකි .එනම් ඇය මුළ අමතක නොකරන කෘතවේදී යුවතියක් බවය .ඇය සුරතල් පුතෙකුගේ මවක වන අතර මෑතදී ඇය පෙනී සිටි රූප රචනා තුළ ඇයට දොස් නැගූ අය බොහෝය .ජනප්‍රියත්වය සහ මුදල් අපට අවැසි වුවද ප්‍රවීණ ජනකාන්ත පුද්ගලයන්ට එම රූප රචනා තුළින් අවමනක් වේ නම් එවන් රූප රචනා වලින් ඈත්වී සිටීම සුදුසුය .මන්දයත් ජනප්‍රියත්වය සහ මුදල් තාවකාලික වන අතර ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගතහොත් ක්ෂේත්‍රයේ බොහෝ අයගේ ආදරයට බුහුමනට ලක්වනු නොඅනුමාන බැවිනි . කෙසේ වෙතත් මා ඇය දකින්නේ බොහෝ විවෘතව කතා කරන සිතේ කහටක් තබා නොගන්නා කෘතවේදී නිළියක ලෙසිනි. ඇගේ 25 වැනි උපන් දිනයට මට ඇරයුම් කළේ එහෙයිනි .මීට වසර දෙකකට පමණ පෙර එක්තරා වාණිජ මට්ටමින් සිදුවුණු ඡායාරූප නිරුපණයක් සඳහා පෙනී සිටීමට ඇය මගෙන් කිසිදු මුදලක් අය නොකළේ ඇය මා වෙත ඇති ගෞරවාන්විත කෘතවේදීත්වය නිසාය. එනිසා ඇය මුදල් වලට මුල් තැන දෙන බව පැවසිය නොහැකිය .තම අනාගතය ඉතා හොඳින් සැළසුම් කළහොත් ඇයට සහ පුතණුවන්ට පැහැබර අනාගතයක මං සලකුණු දිස් වනු ඇත. පියුමි,තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් ඔබේ යහපත් වූ බලාපොරොත්තු ඉටු වන උපන් දිනකට සුබාසිරි……

මේ දයාන් විතාරණ ගත්ත පියුමි හංසමාලිගේ ඡායාරුප…


News Articles
Latest Videos
Most Popular Post