ඩිලන්ත මාලගමුව කියන්නේ රෙසින්ග් කාර් තරඟ හරහා අපේ රටට විශාල ගෞරවයක් ලබා දුන්න ක්‍රීඩකයෙක්. ඔහුගේ ධාවන ජිවිතයට අවුරුදු 37ක් වෙනවා. ඒ වුනත් ඔහුට ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයකින් කිසිඳු ඇගයීමකට ලක් වුනේ නෑ කියල කාලයක් තිස්සේ කතාබහට ලක් වෙලා තිබුන දෙයක්. ඒ වුනත් ඔහුගේ ධාවන ජීවිතය තුල ශ්‍රී ලංකා රජයේ ආයතනයක් විසින් ලබාදුන් එකම ගෞරවය ලෝකප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුවට ඊයේ හිමි වෙලා තියෙනවා. ඔහු මේ බව ඔහුගේ Facebook පිටුවෙත් සටහනක් දාලා තිබුනා.
ඔහුට මේ ඇගයීම ලබා දීලා තිබුනේ ප්‍රංශ තානාපති කාර්යාලයෙන්. ඊයේ ප්‍රංශ තානාපති කාර්‍යාලයට කැඳවපු ඩිලන්තට, එහි තානාපති, බුද්ධි අතාවුද ඇතුලු නිලධාරීන් විසින් උණුසුම් පිළිගැනීමක් ලබාදුන්නා කියලා ඔහු සඳහන් කරලා තිබුනා.
මේ තියෙන්නේ ඔහුගේ Facebook සටහන…