News Line| Off Air
Generic placeholder image

Nov
27

ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය ලබයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ බිහි වූ වාර්තා මෙන්න.

2058 Views


ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය ලබයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ බිහි වූ වාර්තා මෙන්න.

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයෙන් දැවැන්ත පරාජයක් අත්විඳින්න ලංකාවට සිද්ධ වුණා. එ් ඉනිමකින් සහ ලකුණු 239 කින්.

පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 205 ක් රැස් කරා. දිමුත් කරුණාරත්න ලකුණු 51 යි. චන්දිමාල් ලකුණු 57 යි. අශ්වින් ලංකාවේ පළවෙනි ඉනිමේ කඩුලු 4 ක දවා ගත්තා. ෂාර්මා සහ ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 205 ක ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු ඉන්දියාව පළවෙනි ඉනිමට ලකුණු 610 ක් රැස් කලා. එ් කඩුලු 6 ක් විතරක් බිදවැටී. ඉන්දීය ඉනිමේ දිත්ව ශතකයක් සහ ශතක 3 ක් වාර්තා වුනා. වේගවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල විරාත් කෝලි ලකුණු 213 යි. ඔහුගේ ඉනිමට 4 පහර 17 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුනා. මුරලි විජේ ලකුණු 128 යි. පුජාරා ලකුණු 143 යි. රෝහිත් ෂර්මා ලකුණු 102 යි. දිලරුවන් පෙරේරා කඩුලු 3 ක් දවා ගත්තා.

දෙවෙනි ඉනිමට ලංකාව පිටියට අාවේ ලකුණු 404 ක් පිටුපසින් ඉදගෙන. චන්දිමාල් හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙක්ට සාරථක වෙන්න බැරි වුණා. සදීර පළවෙනි ඕවරයෙන්ම ලකුණු නොලබා දැවී ගියා. තිරිමාන්න ලකුණු 23 යි. චන්දිමාල් ලකුණු 61 ක් ලබා ගත්තා. වේගයෙන් පන්දුවට පහර දෙන්න උත්සහ කල දසුන් ලකුණු 17 කට දැවී ගියා. ඔහුගේ ඉනිමට 6 පහර 2 ක් සහ හතරේ පහරක් අැතුලත් වුනා. සුරංග ලක්මාල් නොදැවී ලකුණු 31 ක් රැස් කරා. ලංකාවේ දෙවෙනි ඉනිමත් සුනුවිසුනු කරන්න අශ්වින් සමත් වුනා. ඔහු කඩුලු 4 ක් බිදහෙලුවා. ෂර්මා, ජඩේජා සහ යාදෙව් කඩුලු 2 බැගින් දවා ගත්තා.

දිත්ව ශතකයක් වාර්තා කල විරාත් කෝලි තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. සුපුරුදු පරිදි මේ තරඟයේදීත් වාර්තා රැසක් පිහිටුවන්න ඉන්දියාව සමත් වුනා.

* වේගයෙන්ම කඩුලු 300 ලබා ගත්ත ටෙස්ට් පන්දු යවන්නා වෙන්න අශ්වින් සමත් වුනා. ඔහු තරඟ 54 කදී කඩුලු 300 ලබා ගත්තා. මීට කලින් එ් වාර්තාව හිමි කරගෙන තිබ්බේ ඩෙනිස් ලිලී. එ් මීට හරියටම වසර 36 කට කලින් අද වගේ දවසකදී වීමත් විශේෂත්වයක්.

* ඉන්දියාව ලබා ගත් විශාලම ටෙස්ට් ජයග්‍රහණය ලෙස අද තරඟය ඉතිහාස ගත වුනා.

* එ් වගේම ලංකාව ටෙස්ට් තරඟයකදී ලබපු විශාලම පරාජයත් මේක. මීට කලින් ලංකාව ඉනිමකින් සහ ලකුණු 229 කින් දකුණු අප්‍රිකාවට පරාජය වෙලා තිබ්බා. එ් 2001 දී.

* අඩුම පන්දු ගණනකින් කඩුලු 300 දවා ගත්ත ටෙස්ට් පන්දු යවන්නා වෙන්නත් අශ්වින් සමත් වුනා. ඔහු පන්දු 15 634 කින් තමයි කඩුලු 300 ලබා ගත්තේ. මීට කලින් ශේන් වෝන් පන්දු 18 501 දී කඩුලු 300 ලබා ගත්තා.

* කඩුලු 300 ලබා ගන්න දෙවෙනි අඩුම දින ගණනක් වැය කරපු ක්‍රීඩකයාත් අශ්වින්.

* වැඩිම ටෙස්ට් තරඟ ජයග්‍රහණය කල ටෙස්ට් නායකයන් ලයිස්තුවේ 3 වෙනි තැනට එන්න කෝලි සමත් වෙලා තියෙනවා. කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ටෙස්ට් තරඟ 20 ක් දිනලා තියෙනවා. පැරදිලා තියෙන්නේ තරඟ 3 ක් විතරයි. වැඩිම තරඟ ගණනක් දිනපු නායකයා වෙන්න කෝලිට දිනන්න ඕන තව තරඟ 4 ක් විතරයි.

ලංකාව මේ තරඟයේදී නම් දක්වපු දස්කම් ගැන සෑහීමකට පත් වෙන්න බෑ. කොහොම වුනත් ඊළඟ තරඟයේවත් හොද තරඟයෙක් දෙන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාරථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post