මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් වල තවත් අර්බුදයක් අැති වෙලා තියෙනවා. එ් තමයි සීමිත ඕවර තරඟ සදහා නව නායකයෙක් පත් කර ගන්න එක. එළියට පේ්න්නේ නැති වුනාට ක්‍රිකට් අායතනය අැතුලේ මේ ගැන ලොකුවටම කතා වෙනවා කියලයි අපිට අරාංචි වෙන්නේ. එ් නිසා අැත්තටම කවුරු ලංකාවේ සීමිත ඕවර කණ්ඩායම භාර ගන්න සුදුසුද කියලා අපි හොයලා බැලුවා.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය එක්ක මේ දවස්වල කියවෙන නම් 4 ක් තියෙනවා. එ් තමයි උපුල් තරංග, අැන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල. තරංගව එක්දින කණ්ඩායමේ ස්ථිර නායකයා විදිවට පත් කෙරුණේ පහුගිය ජූලි මාසයේ. එ් මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණාට පස්සේ. තරංගව 2019 ලෝක කුසලානය දක්වාම තමයි නායකයා විදියට පත් කරේ. එ් ලෝක කුසලානයට හොද කණ්ඩායමක් හදන්න හිතාගෙන. එ්ත් හිතපු තරම් සාර්ථකත්වයක් ඔහුගෙන් ලැබුණේ නෑ. තරංග ස්ථිර නායකයා විදියට පත් වුණාට පස්සේ නායකත්වය දුන්න තරඟ සියල්ලම පැරදුණා. තරංග පිතිකරුවෙක් විදියට සාරථකත්වයක් එ් තරඟ වලදී ලබා ගත්තා. එ්ත් නායකයෙකුගේ අාක්‍රමණශීලි බව ඔහුගෙන් පෙන්නුවේ නෑ.
අපිට ලැබෙන අාරංචි වලට අනුව මැතිව්ස්ව අායෙත් නායකයා කරන්න සූදානමක් තියෙනවා. එ්ත් ඔහු නම් එ්කට කැමති නෑ කියලයි අාරංචි වෙන්නේ. සංගා, මහේල, ඩිල්ෂාන්,මාලිංග, කුලසේකර ක්‍රීඩා කරන කාලයේ මැතිව්ස් නායකයෙක් විදියට සාර්ථක වුනා. එ්ත් ඔවුන්ගේ ඉවත් වීමත් එක්ක මැතිව්ස්ගේ නායකත්වය ගැනත් ප්‍රශ්න අාවා. සංගා සහ මහේල නැතුව මැතිව්ස් තරඟ 31 කට නායකත්වය දීලා තියෙනවා. හැබැයි තරඟ 12 ක් විතරයි දිනලා තියෙන්නේ. එකෙනුත් 2 ක් අයර්ලන්තයට එරෙහිව. ලංකාවේදී කොදෙව්වන්ට එරෙහිව තරඟ 3 ක් සහ සිම්බාබ්වේට එරෙහිව ලැබූ ජයග්‍රහණ 2 ත් අැතුලත්. මැතිව්ස්ගේ නායකත්වය යටතේ සිම්බාබ්වේ කණ්ඩායමටත් ලංකාව තරඟාවලි පරාජයක් ලැබුවා. එ් නිසා මැතිව්ස්ට අායෙත් කණ්ඩායම භාර දෙන එක ගැන දෙපාරක් හිතුවට වරදක් නෑ.
උපුල් තරංග නායකයෙක් විදියට අසාර්ථක වෙලා තියෙන්නේ ලංකාවෙන් පිටතදී. ලංකාවේදී පැරදුනේ ඉන්දියාවට එරෙහිව විතරයි. එ් වගේම මැතිව්ස්ට තරම් අවස්ථා තරංගට ලැබුණේ නෑ. අඩුම තරමේ නිදහස් කුසලානය වෙනකම් වත් තරංගට අවස්ථාවක් දීලා බලන එක තමයි වඩාත්ම හොඳ. මොකද සංගා, මහේල, මාලිංග වගේ සුපිරි ක්‍රීඩකයන් තරංගට හම්බෙලා නැති නිසා.
අැත්තටම මේ වෙලාවේ එක්දින කණ්ඩායමට ඕන අාක්‍රමණශීලී නායකයෙක්. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි වැඩේ කරගන්නා නායකයෙක්. හරියටම කිව්වොත් අර්ජුන රණතුංග වගේ නායකයෙක්. එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවපු හොදම නායකයා ඔහු. ඕනම කෙනෙක් එ්ක අවිවාදයෙන් පිළිගනීවී. අරජුන ලංකාවට නායකත්වය දෙනකොට ලංකාව ක්‍රිකට් වලට අඩිය ගැහුවා විතරයි. එත් එදා ක්‍රිකට් දැවැන්තයි වුන ඕස්ට්‍රේලියාව, එංගලන්තය වලේ රටවල් එක්ක ඔහු හැප්පුන හැටි එ් දවස්වල හිටිය අයට හොදට මතක අැති. හැබැයි අද ලංකාවට ඕන තවත් අර්ජුන කෙනෙක් නෙවෙයි. ඔහුගේ වර්ගයේ. කෙනෙක්. අනික 2019 වෙනකන් නැතුව ඊටත් ඉදිරිය බලලා නායකයෙක් පත් කරන එක තමයි ලංකාවට අද ඕන.
තරංගෙන් නායකත්වය ඉවත් කරනවා නම් ඊළගට සුදුසු ක්‍රීඩකයන් අතරේ තිසර පෙරේරාගේ නමත් ඉහළින්ම කියවෙනවා. පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරඟයට තිසර නායකත්වය දුන්න විදිය ඉතාම හොඳයි. එ් ගැන කතා දෙකක් නෑ. අාක්‍රමණශීලී සහ වගකීම් සහගත නායකත්වයක් ඔහු පෙන්නුවා. ලෝකය පුරාම සෙල්ලම් කරලා තියෙන තිසරට අත්දැකීම් අතින් අඩුවකුත් නෑ. එ් නිසා තරංග නායකත්වයෙන් ඉවත් කරනවා නම් තිසර එ් තැනට ඉතාම සුදුසුයි.
එ් වගේම නිරෝෂන් දික්වැල්ලගේ නමත් නායකත්වයට සුදුසු ක්‍රීඩකයන් අතර කියවෙනවා. දැන් ලංකාවේ ඉන්න අාක්‍රමණශීලීම ක්‍රීඩකයා දික්වැල්ල. එ් ගැන වචන දෙකක් නෑ. අවසන් වුන ඉන්දියාව එක්ක පළවෙනි ටෙස්ට් කරඟයේදී එ් ගැන ඔහු තවක් ඔප්පු කරලා පෙන්නුවා. මහේල, රසල් වගේම විරාත් කෝලිත් ඔහු ගැන ප්‍රසිද්ධියේම හොද කිව්වා. 2007 දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වට සුදුසු ක්‍රීඩකයන් හතර දෙනෙක් හිටියා. එ් සචින්, ගංගුලි, ලක්ෂ්මන් සහ ඩ්‍රාවිඩ්. එ්ත් 2007 දී ලෝක කුසලානයට කණ්ඩායම සූදානම් කරන වගකීම පැවරුනේ දෝනිට. එ් අනාගතය ගැන හිතලා. ඉන්දියාවේ එ් තේරීම 1000% ක් සාර්ථක වෙලා තියෙනවා. ලංකාවටත් එ් වගේ රැඩිකල් තීරණයක් ගන්න පුළුවන්. එ් දික්වැල්ලට නායකත්වය දීලා. දික්වැල්ලට නායකත්වය නොදෙන්න තියෙන එකම හේතුව ඔහු ජාත්‍යන්තර එක්දින කරඟ 29 ක් විතරක් ක්‍රීඩා කරලා තියෙන එක. එ්ත් දික්වැල්ලගේ සෘජු පෞර්ශය සහ ඉලක්කයක් තියෙන දික්වැල්ලට එ්ක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔහුට අාරම්භයේ ඉදන්ම නායකයෙක් විදියට ගොඩනැගෙන්නත් ඔහුට අවස්ථාව තියෙනවා.
කොහොම වුනත් අාරංචි වෙන විදියට නම් ඉදිරියේ එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙනවා. තවකාලික විසදුම් වෙනුවට 2019 ලෝක කුසලානයටත් වඩා ඉදිරිය හිතලා නායකයෙක් පත් කරන එක තමයි වඩාත්ම හොද. අපි බලමු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය කාට බාර දේවිද කියලා.