News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සෙ කැඳවයි.

1606 Views


හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සෙ කැඳවයි.

රංගන හේරත් කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. එ් වගේම ලෝකයේ ඉන්න හොඳම වමත් දඟ පන්දු යවන්නා. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබ්බ ටෙස්ට් තරඟ දෙකේදී රංගනට, පන්දුවෙන් වැඩිය දස්කම් පෙන්නන්න බැරි වුනා. ඒකට හේතුවක් තමයි ඉන්දියාව වේග පන්දු යවන්නන්ට සුදුසු තණතිල්ලක් නිර්මාණය කරලා තිබ්බ එක. එ් වුනත් පළවෙනි ටෙස්ට් තරඟයේදී පන්දුවෙන් දස්කම් දක්වන්න බැරිවුනාට පිත්තෙන් දස්කම් දක්වන්න හේරත් සමත් වුනා.

දෙවෙනි ටෙස්ට් තරඟයෙන් පසුව හේරත් අාබාධයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සෙ සංචිතයට කැදවලා තියෙනවා. තුන්වන ටෙස්ට් තරඟයට වැන්ඩර්සෙ කැදෙව්වොත් ඔහුගේ පළවෙනි ටෙස්ට් තරඟය වෙන්නේ එ්ක. කොහොම වුනත් වමතින් පන්දු යවන දුෂ්මන්ත චමීරත් සංචිතයේ ඉන්නවා. එ්ක නිසා කවුරු හේරත් වෙනුවට කණ්ඩායමට කැඳවයිද කියලා දැන්ම කියන්න බෑ.

 


News Articles
Latest Videos
Most Popular Post