News Line| Off Air
Generic placeholder image

Nov
28

වයලීනයෙන් සිත් වසඟ කරගත් රුවන් වීරසේකර දිවියෙන් සමුගනියි.-EXCLUSIVE

1701 Views


වයලීනයෙන් සිත් වසඟ කරගත් රුවන් වීරසේකර දිවියෙන් සමුගනියි.-EXCLUSIVE

වයලීනය කියන්නේ සංගීතයේ මියුරු ස්වර හරි අපූරුවට හදවතට ලං කරන සංගීත භාණ්ඩයක්. ලංකාවේ අපිටත් හිටියා හරි අපූරුවට වයලීනයෙන් අපේ සිත් සනසාලුව සංගීතඥයෙක්. ඔහු තමයි රුවන් වීරසේකර. වයලීනය ඔහුට සෙල්ලම් බඩුවක් වගේ. වටේට කරකවමින් බලන් ඉන්න අයගේ සවනට වගේම නෙතටත් අපූරු දසුන් මවන් ඔහු හරි රුසියෙක්. එ්ත් අද අපේ අවාසනාවට රුවන් ජිවිතෙන් සමුගත්තා.

රුවන් කාලයක් තිස්සේ හිටියේ කොමා තත්වයක. ඔහුට අාදරය කරන සුවහසක් රසිකයෝ රුවන් අද අැස් අරීවි, හෙට අැස් අරීවි කියලා බලන් හිටියා. එ්ත් ඔහු අපිටත් හොරෙන්, ඔහුගේ සුරතල් වයලීනයටත් හොරෙන් යන්න ගිහින්. අායේ කවදාවත් අපිට ඔහුගේ වයලීනයෙන් නික්මෙන මියුරු ස්වර රටා අහන්න බැරි වෙයි. එ්ත් මොනවා කරන්නද. එ්ක තමයි ජීවිතය. රුවන් අද අපිව දාලා ගියත් ඔහුගේ වයලීනයෙන් පිටවුන ස්වර ඔහුගේ මතකයන් එක්කම අපේ හදවතේ රැදිලා තියෙනවා. රුවන් වීරසේකර සංගීතඥයාණින ඔබට අජරාමර නිවන් සුව ලැබේවායි සියත 24 අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 


News Articles
Latest Videos
Most Popular Post