News Line| Off Air
Generic placeholder image

Nov
28

කෝලි කණ්ඩායමෙන් ඉවතට, නායකත්වය රෝහිත් ශර්මාට

1452 Views


කෝලි කණ්ඩායමෙන් ඉවතට, නායකත්වය රෝහිත් ශර්මාට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය පහුගිය දා අවසන් වුනා. එ් ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දීලා. විරාත් කෝලි වාර්තා කල වේගවත් දිත්ව ශතකයක් එ්කට ලොකු පන්නරයක් වුනා. කෝලිගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක අැතුලත් වුනා. කෝලි ටෙස්ට් මැච් එකේ මෙහෙම නෙලුවා නම් එක් දින තරඟයකදී කොහොමට නෙලයිද කියලා තමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැන් තියෙන බය.

හැබැයි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට වගේම ප්‍රේක්ෂකයන්ට සැනසීමක් දෙන පුවතක් වාර්තා වුනා. එ් තමයි ලංකාව එක්ක තියෙන එක්දින තරඟාවලියට කෝලි සහභාගී වෙන්නේ නෑ කියලා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ගැන නිල වශයෙන් මාධ්‍යට දන්වලා තියෙනවා. කෝලි වෙනුවට ඉන්දීය කණ්ඩායම මෙහෙයවන වගකීම රෝහිත් ෂර්මාට බාර දීලා තියෙනවා. ඉන්දියාවෙන අාරංචි වෙන විදියට නම් කෝලි දෙසැම්බර් අවසානයේ විවාහ වෙන්නලු ඉන්නේ. හැබැයි එ් ගැන තාම කෝලි මුකුත් කියලා නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post