News Line| Off Air
Generic placeholder image

Nov
29

වෙසක් පෝය අප්‍රේල් මාසෙදි සමරන්න වෙන, වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න.

5155 Views


වෙසක් පෝය අප්‍රේල් මාසෙදි සමරන්න වෙන, වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න.

ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික. පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ. හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ.

ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං සතියේ දවස්වල නිවාඩු දවස් එනකම් බලන් ඉන්න අයට නම් 2018 එච්චර හොද නෑ වගේ. 2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා. සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ. රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා. මේ සේරම එකතු කරලා ගත්තම රැකියා 2018 අවුරුද්දේ නිවාඩු 156 ක් තියෙනවා. වැඩ කරන්න තියෙන්නේ දවස් 209 ක් විතරයි.

2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා. එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ. මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක. හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා. මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා. 2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා.

ඔන්න ඔය විදියට තමයි 2018 නිවාඩු දවස් යෙදිලා තියෙන්නේ. දැන් එහෙනම් ගෙදර අය, යාලුවෝ එක්ක කතා කරලා 2018 යන ට්‍රිප් ටික ප්ලෑන් කර ගන්න.


News Articles
Latest Videos
Most Popular Post