අපේ ජනවහරේ තියෙනවා පිරිමියෙක් වුනාම ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, දරුවෙක් හදන්න ඕන කියලා. ගහක් හිටවලා දරුවෙක් හැදුවත් පොතක් නම් ලේසියෙන් ලියන්න බෑ. එ්කට හොද දැනුමක් කියෙන්න ඕන. හැබැයි ඉතිං පොත් ලියන්න වයස නම් ප්‍රශ්නයක් නෙවෙයි. එ්ක හොඳටම ඔප්පු කරපු ලංකාවේ පොඩ්ඩෙක් ගැන තැමයි මේ කියන්න යන්නේ.
නිකම්ම නෙවෙයි මේ පොඩ්ඩා පොතක් ලියලා ලෝක වාර්තාවකුත් තියලා තියෙනවා. එ් තමයි පොතක් ලියපු ලෝකයේ ළාබාලම තැනැත්තා විදියට. සීෂෙල්ස් වල ජීවත් වෙන තනුවන සේරසිංහට තාම අවුරුදු 4 යි. තනුවන ලියලා තියෙන්නේ ක්ෂණික අාහාර ගැන පොතක්. තනුවන පොත් කියවන්න ගොඩාක් අාසයිලු. ඔහු පෙර පාසල් යන්න කලින් පෙර භාෂා පොතක හෝඩියත් ලිව්වා කියලා තනුවනගේ අම්මා කියනවා.
එ් වගේම මේ පොත දවස් තුනෙන් ලියලා ඉවර කරන්නත් සමත් වෙලා තියෙනවා. මීට කලින් මේ ලෝක වාර්තාවට හිමිකම් කියලා තියෙන්නේ බ්‍රසීලයේ පොඩ්ඩෙක්. කොවල්ස්කි ඩා සිල්වා කියන එ් පොඩ්ඩා අවුරුදු 5 දී තමයි පොතක් ලියලා තියෙන්නේ. එහෙම බැලුවම අවුරුදු 4 න් අපේ රටේ පොඩ්ඩා කරපු දස්කම ගැන අපිට ගොඩාක් අාඩම්බර වෙන්න පුළුවන්.