News Line| Off Air
Generic placeholder image

Nov
29

අද ඔබ කරන ගණුදෙනු ගැන සැලකිලිමත් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1401 Views


අද ඔබ කරන ගණුදෙනු ගැන සැලකිලිමත් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 29 බදාදා

රාහු කාලය: පෙ.ව 11.58 සිට 01.28

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

පෙරපින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ඇති වෙනවා. ආගමානුකුල නායකයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. පහුගිය කාලයේ තිබුණු චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව සුළු වශයෙන් අද දවසේදී පැවතුණත් ඒවා යටපත් කරගන්න ඒවා පිළිබද අවබෝධයක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉදිරි සැලසුම් ගැන හිතනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කර ගන්න හැකියාව ලැබෙනවා. තීන්දු තීරණ ගන්න යහපත් දවසක් නොවේ.                      

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 03

වෘෂභ ලග්නය

චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව වැඩි වශයෙන් ඇති වෙනවා. යනෙන ගමන් බිමන් වලින් සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වැටීම් තැලීම් වලින් හට ගන්න බාධාකාරී තත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. රාජකාරි කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු වලින් ධන ලාභ ලැබෙනවා. තරඟකාරී කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. ඉවසීමෙන් කටයුතු කරලා බාධාවන් ජයගත හැකි වෙනවා.                        

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 08

මිථුන ලග්නය

විවාහය සහ පවුල් ජීවිතය පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථකත්වට පත් වෙනවා. ජිවිතයට අලුත් යහළුවන් ඇති වෙනවා. තමන්ගේ කටයුතු සාකච්ඡා කරගන්න පුළුවන් වෙනවා. වාසනාවන්ත දරු මුණුබුරන් දැකීමට හැකි වෙනවා. අධ්‍යාපනික ශක්තිය පහසුවෙන් වර්ධනය වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 03

කටක ලග්නය

තමන්ට එරෙහිව තියෙන සතුරු කරදර පිලිබදව අවබෝධයක් ලබා ගත හැකි වෙනවා. සතුරන් මිතුරු කරගත හැකියි. ඥාතීන්ගෙන් උපකාර ලැබෙනවා. තමන්ගේ පෞරුෂය ඉහල නැංවෙනවා. ගේදොර යානවාහන වතුපිටි පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. අධ්‍යාපනික ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ආමාශගත රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතින නිසා ආහාර ගැනීමේ ක්‍රියාවලිය ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.                       

ජය වර්ණය: ලා කහ පැහැය                                    ජය අංකය: 05

සිංහ ලග්නය

තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය උදා වෙනවා. අධ්‍යාපනික කටයුතු වල පුංචි හෝ මන්දගාමී වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව සෙම් සහිත රෝගී තත්ව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. පාද වලින් හට ගන්නා පීඩාකාරී ස්වභාව මුලික කරගෙන රැකිරක්ෂා වෙළදාම් වලටත් බාධා ඇති වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. වාග් ශක්තිය ප්‍රවේසමෙන් පරිහරණය කල යුතුයි. යානවාහන ගමන් බිමන් වලින් මිතුරන්ගෙන් වාසි සහගත තත්ව ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වඩාත් වැදගත්. ක්ෂණික ආවේග ක්ෂණික කේන්ති සහගත තත්ව ඇති වෙලා දෙමාපියන් සමඟ ආරවුල් ගැටුම් ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ගෙදර සහ ගෙදර අවට පරිසරය පිලිබදව පුංචි පුංචි කලකිරීම් ඇති කරාවි. සමීපතමයන්ගෙන් දුරස් වීමට සිදු වෙනවා. වියදම් පාර්ශවයත් තරමක් ඉහලයි. සිතුවිලි නිතර වෙනස් වෙනවා. අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නත් සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන්නත් හැකියාවක් වාසනාවක් පවතිනවා. කලාකාමී කටයුතු වලින් දියුණු වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 03

තුලා ලග්නය

තමන්ගේ පෞරුෂය පිලිබදව ඇතැම් අවස්ථා වලදී තමන්ටම සැක සංකා ඇති වෙනවා. පාද ආශ්‍රිත දණහිස ආශ්‍රිත සෙම් සහිත රෝග වලින් පීඩාකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. පියපස ඥාතීන් සමග ගණුදෙනු කිරීමේදී ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්. කායික ශක්තිය යොදවා කරන කටයුතු වලින් ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් සමාජ ගෞරවයට පාත්‍ර වන කටයුතු වලින් ලාභ ලැබිය හැකි වෙනවා.                        

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වල තරමක කාර්යබහුලතාවක් ඇති වෙනවා. පොදු මහජනතාවත් සමග කරන කටයුතු වලින් බොහෝ සෙයින් කල්පනාකාරී වීම වඩාත් වැදගත්. අවලාද උපහාස අපහාස විදින්න සිදු වෙනවා. නීතිමය ගැටළුකාරී තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ වාසස්ථාන පිලිබදව ගැටළු පැන නගිනවා. ඉවසිලිවන්තව ගෞරවනීයව කටයුතු කරන්න. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත සෙම් සහිත රෝග වලින් පීඩා ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 07

ධනු ලග්නය

අතිශය කාර්යබහුල ස්වභාවයක් ඇති වෙනවා. තමන්ගේ කලබලකාරී ස්වභාවය නිසා වාසනාවන්ත ස්වභාව මග හැරෙනවා. ජයග්‍රාහී මානසිකත්වයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. වෘත්තිමය කටයුතු වල දියුණුවක් ඇති කර ගැනීමට බොහෝ කලබලකාරී ස්වභාව ඇති වෙනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. වැඩිහිටියන් කාන්තා පාර්ශවයන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: රෝස පැහැය            ජය අංකය: 02

මකර ලග්නය

වියදම් පාර්ශවය ඉහල යාම වගේම පාද ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. හවුල්කාර පාර්ශවයන් ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. විවාහ කටයුතු වලදී බාධාවන් ඇති වෙනවා. ප්‍රේමනීය සබඳතා වලට සුභයි. රැකිරක්ෂා වෙළඳාම් කටයුතු දියුණු වෙනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. අන් අයගේ බලාපොරොත්තු ඉටු කරන්න ඔබට බොහෝ සෙයින් කැප වෙන්න සිදු වෙනවා. අවසානයේදී ඔබට චිත්ත පිඩා මානසික පිඩා ඇති වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා දියුණුවක් අපේක්ෂා කල හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

කුම්භ ලග්නය

තරමක ව්‍යකුලතාවයක් උදා වුනත් විටින් විට ධන ශක්තිය වර්ධනය කර ගන්න අවස්ථාව සැලසෙනවා. වැඩිහිටියන් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු ඔබේ දියුණුවට හේතු වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කර ගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට බාධා ඇති වෙනවා. අසනීප උපද්‍රව මුලික කරගෙන බාධා ඇති වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ගෞරවය වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත වෙන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 02

මීන ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිත දියුණු වෙනවා. ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වලින් ඒවා අලෙවි කිරීම වැනි කටයුතු වලිනුත් යමක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට එතරම් යෝග්‍ය නැහැ. අන් අය සමග ඇති වෙන්නාවු කේන්ති සහගත සිතුවිලි පාලනය කරගත යුතුයි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් කලාව සම්බන්ධ කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත් කරගත හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post