News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

“ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන” – නික් පෝතාස් චෝදනා කරයි.

1651 Views


“ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන” – නික් පෝතාස් චෝදනා කරයි.

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාව ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්වින්දා. ලංකාව අත්වින්ද 100 වෙනි පරාජයත් එ්ක. මේ පරාජය ගැන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් කතා කරා. ඔහු නම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන කියලා.

තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අඩුපාඩු පරාජයට හේතු වුනා කියලා.

“අැත්තටම මේක කලකිරවන සුලුයි. මොකද අපි සෑහෙන්න වැඩකොටසක් කළා. නමුත් ලැජජා සහගත පරාජයක් ලැබුවේ. දැල අැතුලේ කොච්චර පුහුණුවීම් කරත් වැඩක් නෑ කණ්ඩායමට ලකුණු ටිකක් ගන්න බැරිනම්.”කියලයි පෝතාස් වැඩිදුරටත් කිව්වේ.

එ් වගේම මැතිව්ස් ගැනත් පෝතාස් කතා කරා.

“මම කණ්ඩායම භාර අරන් දැන් මාස 6 ක කාලයක් වෙනවා. මැතිව්ස් මේ තරඟයට පෙර වැඩිපුර ටෙස්ට් ක්‍රීඩා කරලා තිබ්බේ නෑ. මට කිසිම අවිශ්වාසයක් නෑ එයාගේ තියෙන හැකියාව ගැන. අපිට හොඳ උත්තරයක් එයාගෙන් ලැබේවි. එ් සඳහා පුහුණුකරුවෙක් විදියට අපි එයාට හොඳ අවස්තාවක් දීලා වැඩිදියුණු කරන්න ඕන.” කියලයි ඔහු මැතිව්ස් ගැන කිව්වේ.

කොහොම වුනත් කණ්ඩායමේ පුහුණුකරු ප්‍රසිද්ධියේම කණ්ඩායම විවේචනය කරන එක අනුමත කරන්න බෑ. මොකද පරාජයේ වගකීමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පුහුණුකරුටත් තියෙනවා. මේ විදියට කණ්ඩායම විවේචනය කරලා පෝතාස් පරාජයේ වගකීමෙන් අැඟ බේර ගන්න හදනවාද කියලත් හිතෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post