චමූ ශ්‍රී කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක Music Video හදන අධ්‍යක්ෂවරයෙක්. ඉරාජ්ට තරඟයක් දෙන්න අාපු චමූ පහුගිය දවසක දසුන්ගේ ජීවිත කතාව ඇතුලත් Music Video එකකුත් කරා. ඒ වීඩියෝ එක නිසා චමූ හොඳටම බැනුම් අැහුවා. හැබැයි අද උදේ Facebook එකේ දාපු Status එකක් නිසා චමූත් සංවේදී අදහස් තියෙන කෙනෙක් කියලා ගොඩක් අය කතාවෙන්න ගත්තා. මේ Status එකේ තියෙන්නේ දැන් සොබා දහමට කතා කරන්න ලැබුනොත් කෑ ගහලා මුළු ලෝකෙටම කියන කතාවයි.
සුළි කුණාටු, ගං වතුර වලින් බැටකන මේ මොහොතේ සොබා දහම ගැන මුළු ලංකාවම ආයිත් හිතන්න ඕන කියලයි චමූ ශ්‍රී මේ වහෙන් ඔරෝ කියන්නේ.
මේ තියෙන්නේ ඒ සංවේදී Facebook සටහන.
උබව බිහිකළේ මං
උබ හැදුනේ වැඩුනේ මාගේ තුරුලේ
උබට කන්න බොන්න දුවන්න පනින්න
මං ඉඩ දුන්නා.උබ දුවල පැනල ලොකු වුණා.
උබට මගේ තැන ඉඩ මදි වුනාම
උබ උබේ කොටස ලොකු කරගත්ත,අයිතිකරගත්තා.
මගේ අනිත් දරුවෝ උබට බාදාවක් උනාම උබ උන්ව එලෙව්වා මැරුව.
උබ උබට ඕනේ විදියට සැරිසරනවා.
මට ටිකක් දුක හිතුනා.
මේ මට ටිකක් කදුළු ආවා විතරයි.
උබ බයවුනාද? රිදුනද ?
උබලා මට රිද්දන තරම මට රිදෙන තරම
මට උබලට පෙන්වන්න පුළුවන් මේ විදියට තමයි.හොටු පෙරාගෙන කෑ ගහගෙන
බිම පෙරලිගෙන මං අඩන දවසක් එන්න දෙන්නෙපා.
එදාට උබට ගොඩක් රිදෙයි
“මීට සොබාදහම”
~~~Chamu Sri~~~