අැතෙක් කියන්නෙ කැළේට වගේම රටටත් ලොකු සම්පතක්. දළ යුගල පූට්ටු වුන හස්තිරාජයෙක් කියන්නේ ඊටත් වඩා රටට වාසනාවක්. මොකද හැම අැතෙක්ගෙම දළ යුගල පූට්ටු වෙන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි අැතෙක්ගේ දළ පූට්ටු වෙන්නේ. හැබැයි අපිට ලස්සන වුනාට දළ පූට්ටු වුන අැතාට නම් එ්ක තරමක කරදරයක්. එක හේතුවක් තමයි අාහාර ගනිද්දි හොඩය එහා මෙහා කරන්න අමාරු එක. අනිත් ප්‍රධානම කාරණය තමයි කෘෘර මිනිසුන්ගේ වෙඩි පහරට මුහුණ දෙන්න වෙන එක.
ගොඩක් කාලයක් තිස්සේ ගල්ගමුව මහ වනයේ අාඩම්භරයෙන් සැරිසැරුව දළ පූට්ටුවෙක් කිව්වා. ගල්ගමුවේ දළ පූට්ටුවා කිව්වම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. දළ දෙක නිසාම ජීවිත අවදානමෙන් හිටිය දළ පූට්ටුවාට කිහිප සැරයක්ම වෙඩි වදිනවා. එ්ත් පෙර පිනකට එ් හැම සැරේම දළ පූට්ටුවාගේ ජීවිතය බේරෙනවා. මේ අැතාගේ එක අැහැක් අන්ධ වෙලා අනිත් අැහෙත් පෙනීම අඩුවෙමින් තිබ්බෙ. කකුලට වැදුන වෙඩිල්ලක් නිසා බොහොම අමාරුවෙන් නොන්ඩි ගගහා අැවිද්දේ. පහුගිය මාස දෙකේදී මේ හස්තියා අතුරුදහන් වෙනවා.
එ් නිසා ගල්ගමුව පැත්තෙ අය හිටියෙ ටිකක් කලබල වෙලා. හැබැයි වන ජීවී එකේ මහත්වරුන්ට එ් ගැන ගානක්වත් තිබ්බද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එ් අල්ල පනල්ලේ තමයි ගජමුතු එක්ක දළ යුගලක් පොල්පිති ගමින් අත්අඩංගුවට ගන්නවා. ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන දන්න අය කිව්වේ එ් දළ පූට්ටුවාගේ දළ දෙක කියලා. එතකොට තමයි බලධාරීන්ටත් අැහැරෙන්නෙ. ගමේ මිනිස්සු, වනජීවී එක, එස් ටී එෆ් එක එක්ව කැලේ පීරලා දළ පූට්ටුවා හෙව්වත් හම්බුනේ නෑ.
එ්ත් ඊයේ හවස දළ පූට්ටුවාගේ දිරා ගිය සිරුර හමුවෙනවා. වන ජීවී පශු වෛද්‍යවරු එ් අැත් සිරුර පරීක්ෂා කරලා දළ පූට්ටුවාගේ බව හඳුනා ගන්නවා. අවුරුදු 44 ක් බොහොම තේජාන්විතව වනයේ සැරිසැරුව දළ පූට්ටුවාගේ ජීවිතය එ් විදියට අවසන් වෙලා. මේ ගැන ලංකාවේ මිනිස්සු ගොඩක් අය ඉන්නෙ ලොකු කම්පාවකින්. කැළේ නැතුව මිනිස්සු ළඟ හිටියා නම් ගල්ගමුවේ දළ පූට්ටුවාට දළදා වහන්සේ වඩම්මවන්නත් අවසර ලැබෙන්න තිබුණා. කොහොම වුනත් ලංකාවේ අවසන් අැත් දඩයම මේක කරන්න වනජීවී අමාත්‍යංශය කටයුතු කරන්න ඕන. එ් වගේම රටේ සෑම පුරවැසියෙක්ටම එ් වගකීම එක විදියටම තියෙනවා.
අපේ පැරණි මිනිස්සු කියන්නෙ අැතෙක් ඊළඟ අාත්මයේ මිනිහෙක් වෙලා උපදිනවා කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ ගල්ගමුවේ දළ පූට්ටුවාත් අපි අතරම ඉපදෙන්න කියලා.