News Line| Off Air
Generic placeholder image

Nov
30

රත්නපුර බදුල්ලට රතු. ගාල්ලට හම්බන්තොටට කහ. අයහපත් කාළගුණය නිසා අපදා තත්වය ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න. – EXCLUSIVE

1719 Views


රත්නපුර බදුල්ලට රතු. ගාල්ලට හම්බන්තොටට කහ. අයහපත් කාළගුණය නිසා අපදා තත්වය ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න. – EXCLUSIVE

ඊයේ හවස ඇතිවුන අයපත් කාලගුණ තත්වය නිසා මේ වෙද්දි දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ අැතුලු පළාත් කිහිපයක් අපදාවට ලක්වුනා. තාමත් ගොඩක් ප්‍රදේශ වලට වැස්සේ සහ සුළඟේ අඩුවක් නෑ. එ් නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ අායතනය ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් ප්‍රදේශ සහ අනතුරු අැඟවීමේ ස්වභාවයන්. අවදානම් ප්‍රදේශවල ඉන්න ඕබේ නෑදෑ හිතමිතුරන්ගේ දැන ගැනීම සදහා මේ පණිවිඩය Share කරන්න.

රතු අනතුරු අැඟවීම – අනතුරු අැඟවීමේ අදියර 3

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 150mm ඉක්මවා අැත. තවදුරටත් වැස්ස තියෙනවා නම් නාය යෑම්, ගල් පෙරලීම්, පොළොව ගිලා බැසීම් වැනි අනතුරු වලින් වැලකීමට අාරක්ෂිත ස්ථාන වලට යන්න.

රත්නපුර –
* කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට
* විශේෂයෙන්ම බොරලුවගේ අයින, බුළුතොට, රන්හොටිකන්ද, ඉත්තෑකන්ද, උලින්දුව සහ බුත්කන්ද ග්‍රාම නිලධාරී වසම්.
බදුල්ල –
* හල්දුම්මල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.

ඇම්බර් අනතුරු අැඟවීම – අනතුරු අැඟවීමේ අදියර 2

පහුගිය පැය 24 තුළ වර්ෂාපතනය 100 mm ඉක්මවා අැත. නාය යෑම්, ගිලා බැසීම්, අවධානම් පිළිබද අවධානයෙන් ඉන්න. අවශ්‍ය වුනොත් අාරක්ෂාකාරී ස්ථාන වලට යන්න.

මාතලේ –
* ලග්ගල – පල්ලේගම ප්‍රාසේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.
රත්නපුර –
* ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.
* විශේෂයෙන්ම වලේබොඩ, බොල්තුඹේ, මාරතැන්න, උඩගම සහ පිඩිලිගන්අාරාව
ගාල්ල –
* අැල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ
මාතර –
* පිටිබැද්දර සහ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ එ් අවට ප්‍රදේශ.

කහ අනතුරු අැඟවීම – අනතුරු අැඟවීමේ අදියර 1

පසුගිය පැය 24 තල වඑ්ෂාපතනය 75 mm ඉක්මවා අැත. වර්ෂාව තවදුරටත් තියෙනවා නම් නාය යෑම්, ගිලා බැසීම් ගැන විමසිලිමත් වෙන්න.

රත්නපුර –
* කුරුවිට, අැහැලියගොඩ, කහවත්ත, බලංගොඩ, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ එ් අවට.
නුවරඑළිය
* නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.
ගාල්ල –
* යක්කලමුල්ල, බද්දේගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.
මාතලේ –
* අැල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට.
බදුල්ල –
* පස්සර සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ එ් අවට.
හම්බන්තොට –
* කටුවන සහ ඕකෙවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ එ් අවට ප්‍රදේශ.
මොණරාගල –
* වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එ් අවට ප්‍රදේශ.

හඬපටය පහතින්

 


News Articles
Latest Videos
Most Popular Post