News Line| Off Air
Generic placeholder image

Nov
30

නාලන්දාව හැඩ කල රොබොරෝසියාත් නික්ම යයි.

4077 Views


නාලන්දාව හැඩ කල රොබොරෝසියාත් නික්ම යයි.

රොබෝරෝසියා නම අැහුව ගමන් දන්න අය දන්නවා කොච්චර ලස්සන ගහක්ද කියලා. අවුරුද්දේ එක කාලයකට රෝස පාට මල් රෙද්දකින් වැහෙන රොබෝරෝසියා හරිම ලස්සනයි. ලංකාවේ ප්‍රසිද්ධම රොබෝරෝසියා ගස තිබබේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංගපීඨයේ. රොබෝරෝසියා මල්වලින් පිරෙන කාලෙට වලේ නාට්‍යක් බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ගොඩක් කැමතියි.

එ් වගේ තවත් ලස්සන රොබොරෝසියා ගහක් කොළඹ නාලන්දා විද්‍යාලයේත් තිබුණා. අවුරුද්දකට සැරයක් රෝස පාට මලින් සැරසෙන රොබොරෝසීයා මුළු නාලන්දයටම අමුතුම අලංකාරයක් ගෙනාවා. හැබැයි නාලන්දයට අාඩම්බර කම අරන් අාපු රොබොරෝසියා ඊයේ මහා වැස්සට උදුරාගෙන වැටුණා. අවුරුදු ගණනාවක් නාලන්දාව සරසපු රොබොරෝසියා හෙට ඉදන් නාලන්දාවේ නැති වේවි. එ්ත් නාලන්දයේ පෞඩ ඉතිහාසයත් එක්කම සදාකාලිකවම නාලන්දාවේ මතකයන් එක්ක ජීවත් වේවි.


News Articles
Latest Videos
Most Popular Post