News Line| Off Air
Generic placeholder image

Nov
30

“මොණරාගේ ඇස්වහ වැදුනාදෝ, සංසාරේ කළ පවු පඩිසන් දුන්නාදෝ” – ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසාන සිතුවිල්ල – siyatha 24 Trending

3242 Views


“මොණරාගේ ඇස්වහ වැදුනාදෝ, සංසාරේ කළ පවු පඩිසන් දුන්නාදෝ” – ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසාන සිතුවිල්ල – siyatha 24 Trending

ගල්ගමුව මහ වනයේ තේජවන්තව සැරිසැරුව දළ පූට්ටුවා අකාලයේ මරලා දාලා. මේ පුවත සත්තුන්ට අාදරය කරන ගොඩක් අයගේ අැසට කඳුලක් ගෙනල්ලා තිබ්බා. අැස් අන්ධ වුන, වෙඩි පහරට නොන්ඩි වුන අසරණ අැතාව මරලා දාන්න තරම් මිනිස්සු කෘෘර වෙලා. සමහරු කිවවේ එක පාරටම ලංකාවට ස්වභාවික විපතක් අාවේ එ් සද්ධන්තයා මරපු ශෝකය ස්වභාදහමත් කම්පා වෙලා කියලා. කොහොම වුනත් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අකල් මරණය ගැන ෆේස්බුක් එකෙත් ගොඩක් අය කතා කරලා තිබ්බා. එ් අතරේ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන තිබ්බ අපූරු කවි පෙළක් තමයි මේ.

*** ගිජිඳුගේ විලාපය ***

පුංචි එකා සිට වනයේ සැරිසැරුවා
දිනෙන් දිනේ මගේ කර දඩු උස් වුවා
සුදෙන් සුදේ දළ දෙක තව දික් වුවා
තේජ බලැති මා වනයට රජ වුවා

රාජ වංශ අැත් කුලයේ ඉපදුන මා
යෝධ වනේ සිත් සේ දස අත සැරුවා
දකුණු දළේ වමට උඩින් පැන උන්නා
එතන් පටන් මගේ නම දළ පූට්ටුවා

පනස් වර්ශ අායු පිං රස බැලුවා
එ්ත් කරුමෙ ඊට වඩා ලොකු වුවා
ටිකෙන් ටිකෙ අැස් බොඳ වෙලා ගියා
මිනිහා නිසා යන්තම් කුස පුරවා ගත්තා

බඩගින්නට ලා දලු හිඟ වුනාම
හීන් සෑරේ අැදුනා ගම් මැද්ද වෙත
පෙරලාගෙන කෑවන් කෙහෙල් ගස
පිං අැති මිනිස්සුන් කීවේ නෑ දොස් මෙමට

මිනිසුත් අතරත් තිරිසන් සතුන් අැත
තේරුණේ කපද්දියි දළ පන යදින කොට
තිරිසනුන් හොදයි උගෙ දඩයම අහරකට
කෑලි කපා සැඟ වුවෙ අැයි මගේ දෙණ

මොනරාගේ අැස්වහ මට වැදුනාදෝ
දිවියාගේ කට වහ මට වැදුනාදෝ
සංසාරේ කල පව් පඩිසන් දුන්නාදෝ
දළේ අගේ මට හෙනහුරු උනාදෝ

නැදුම්ගමුවෙ අයියන්ඩියෙ අසාපන්
හනික උඹේ දළ යුගලත් සඟවාපන්
කැළේ අපේ සනුහාරේ ඉවර කරන්
උඹේ දළත් මුන් උගුලයි අම්මාපන්

– සචිර නානායක්කාර –


News Articles
Latest Videos
Most Popular Post