පෙරේදා ඉඳන් තිබ්බ මහා වැස්ස නිසා මිනිස්සුන්ට ගොඩාක් හානි සිද්ධ වුනා. හැබැයි එ් වැස්සෙන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි කරදර සිද්ධ වුනේ. සත්තුන්ටත් මේ විපතට මුහුණ දෙන්න සිද්ධ වුනා.
සත්තුන්ට ස්වභාවික විපත් එද්දි ඉවට දැනෙනවා. එ් නිසා ඉක්මනටම කොහේ හරි අාරක්ෂිත තැනකට යන්න උන් දන්නවා. එත් සත්තුවත්තේ කූඩු කරපු සත්තු කොහේට කියලා නම් යන්නද. පෙරේදා තද සුළගත් එක්ක අාපු වැස්සට දෙහිවල සත්තු වත්තෙත් රූස්ස ගස් කඩන් වැටිලා තිබ්බා.
එක ගහක් කෙලින්ම වැටිලා තිබ්බේ මකුළු රිලවාගේ කූඩුවට. හැබැයි මකුළු රිලවාට නම් කිසිම කරදරයක් වෙලා නෑ. එ් වගේම ජිරාෆ්ගේ කූඩුවේ වහලත් සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහින්. කොහොම වුනත් කිසිම සතෙක්ට හානි වෙලා නෑ. ඉක්මනටම කඩන් වැටුණ ගස් ඉවත් කරනවා කියලා සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මහත්මිය කිව්වෙ. අහිසංක සත්තුන්ව කූඩුවල තියන් ඉන්නවා වගේම උන්ගේ අාරක්ෂාව ගැනත් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.