News Line| Off Air
Generic placeholder image

Dec
1

යුධ සෙබළුන්ගේ ශක්තිය මනින්න යොදා ගත්ත ගවරා, ලංකාවෙන් වඳ වුනේ කවුරු නිසාද?

3219 Views


යුධ සෙබළුන්ගේ ශක්තිය මනින්න යොදා ගත්ත ගවරා, ලංකාවෙන් වඳ වුනේ කවුරු නිසාද?

ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු රටක්. හැබැයි මේ වෙද්දී ලංකාවේ ජෛව විවිධත්වයට ලොකු හානියක් වෙලා තියෙන්නේ. අතීතයේ ජීවත් වුන සමහර සත්තු දැන් වඳවෙලා ගිහින්. සමහරු කියනවා ඉස්සර සිංහරාජ වනාන්තරයේ සිංහයන් පවා ජීවත් වුනා කියලා. කොහොම වුනත් මේ කියන්න යන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ජීවත් වුණ සතෙක් ගැන.

එ් තමයි ගවරා. ගවරා කියන්නේ කුළු මී හරකෙකුට වඩා විශාල සතෙක්. දැවැන්ත ශරීරයක් තිබ්බ ගවරා කැලෑවේ තමයි ජීවත් වුනේ. මහනුවර යුගයේ අග කාලය දක්වාම ජීවත් වුන බවට සාධක තියෙනවා.

ගවරාගේ ඔලුවේ ඉඳන් වලිගයේ අඟ දක්වාම කෙලින් විහිදුණ නහරයක් තියෙනවා. එ් වගේම සතුන්ගේ මස් පහසුවෙන් ගලවාගෙන කන්න පුළුවන් රළු දිවකුත් මේ සතාට තිබිලා තියෙනවා. ගවරා ගැන රොබට් නොක්ස් පවා සටහන් තබලා තියෙනවා. රොබට් නොක්ස් කියන විදියට දෙවෙනි රාජසිංහ රජු සුරතලයට සුදු ගවරෙක් අැති කරලා තියෙනවා. එ් වගේම සුදු ගවරා ඉතාම දුර්ලබ සතෙක් කියලත් රොබට් නොක්ස් සදහන් කරලා තියෙනවා.

එ් දවස්වල යුධ සෙබළුන්ගේ ශක්තිය මනින්නත් ගවරා යොදාගෙන තියෙනවා. හෙල්ලක් විතරක් දීපු සෙබලෙක්ව ගවරා රංචු පිටින් ඉන්න කැළේට තනියම යවනවා. ඔහුට තියෙන්නේ උන් එක්ක සටන් කරලා නිරුපද්‍රිතව කැළයෙන් එළියට එන්න. මේ ක්‍රීඩාව “ගවරකෙළිය” නමින් තමයි හදුන්වලා තියෙන්නේ. කන්ද උඩරට කැලෑවල ජිවත් වුන මේ ගවරුන්ගේ මස් අාහාරයට අරගෙන තියෙනවා.

සුද්දෝ කෝපි සහ තේ වතු සඳහා කැළැ එළි කරන්න ගත්තා. එ් නිසා ගවරාගේ ජීවන රටාවටත් බාධා අැති වුණා. එත් එක්කම ගවරාත් ක්‍රමයෙන් වඳ වෙන්න පටන් ගත්තා. 1860 දී පමණ හිටිය අන්තිම ගවර රංචුවත් සුද්දන්ගේ දඩයමට අහුවෙලා තියෙනවා. අද වෙද්දී නම් ගවරා සම්පූර්ණයෙන්ම වද වෙලා ගිහින්.

මේ වෙද්දි එ් වගේ දුර්ලභ සත්තු ගණනාවක් වදවී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඉක්මනින්ම උන්ව අාරක්ෂා කර ගත්තේ නැත්තම් ගවරා වගේම උන් ගැනත් පොත පතෙන් විතරයි දැන ගන්න වෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post