News Line| Off Air
Generic placeholder image

Dec
2

බුද්ධික රඹුක්වැල්ල ගමන් කළ රථය මහ මඟදී ගිනි ගනී. Video සහිතයි.

2626 Views


බුද්ධික රඹුක්වැල්ල ගමන් කළ රථය මහ මඟදී  ගිනි ගනී. Video සහිතයි.

බුද්ධික රඹුක්වැල්ල කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. එ් වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. බුද්ධික වාහනයෙන් රිවස් එකට ගිහිල්ලා ලෝක වාර්තාවකුත් තිබ්බා ඔබට මතක අැති. හැබැයි බුද්ධිකට වාහනය නිසා ඊයේ ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා.

බුද්ධික වාහනයෙන් ගමන් කරමින් ඉන්නකොට වාහන ගිනි අරන්. “මම වාහනයෙන් යනකෝට කලුබෝවිල හරියෙදි වාහනය රත් වෙන්න ගත්තා. කර ගඳකුත් අාපු නිසා වාහනේ අයිනෙන් නතර කලා විතරයි එක පාරටම වාහනේ අැතුල කළු දුමකින් පිරිලා ගියා. මම කොහොම හරි දුම අස්සෙම අත ගාලා දොර අැර ගත්තා. එළියට අාවා විතරයි වාහනේ පිටිපස්සේ වීදුරුව පිපිරුවා. එ්ත් එක්කම වාහනේ අැතුල ගිනි ගත්තා.” බුද්ධික ඔහු මුහුණ දුන්න ත්‍රාසජනක අත්දැකීම සියත 24 වෙත කිව්වේ එහෙමයි. කොහොම හරි වටපිටේ අය එකතු වෙලා වාහනේ ගින්න නිවලා. හැබැයි වාහනේට නම් ගොඩක් හානි සිදුවෙලා තියෙනවා.

කොහොම වුනත් දෙයියනේ කියලා බුද්ධිකට නම් පොඩිවත් හානියක් වෙලා නෑ. හැබැයි වාහනේට වුණ හානියට නම් බුද්ධික ටිකක් දුකෙන් ඉන්නෙ. කොහොම වුනත් ඔබත් ගමනක් යන්න කලින් වාහනේ හොදට පරීක්ෂා කරලා යන්න.

https://www.facebook.com/buddhikarambukwella.info/videos/1598632660203999/

https://www.facebook.com/buddhikarambukwella.info/videos/1598403063560292/


News Articles
Latest Videos
Most Popular Post